නයිජීරියාවේ ලාගෝස් නුවරදී අනතුරට පත් ගුවන්යානයේ ගමන් ගත් මඟීන් 150 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන්සේවා බලධාරීහු පවසති.
එරට ආර්ථික මර්මස්ථානය ලෙස සැලකෙන ලාගෝස් නුවර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක යානය ගැටීමෙන් ගුවන් අනතුර සිදුව තිබේ. මෙම ගුවන්යානය එරට ඩානා ගුවන්තොටුපොළින් ගුවන් ගත වී ලාගෝස් දක්වා පියාසර කරන අතරතුර අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සිද්ධිය සැල වූ පසු එරට ජනපති ගුඞ්ලක් ජොනතන් දින තුනක ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මිය ගිය අය අතර එරට ජාතික ඛණිජ තෙල් සංස්ථාවේ ප‍්‍රකාශක ලෙවී අජු ඕනුමා ද සිටින බව යානයේ ගමන් ගත් මඟී විස්තර පිරික්සූ ගුවන්සේවා බලධාරීහු ප‍්‍රකාශ කළහ.
යානය අනතුරට පත්වීමත් සමඟ ඒ අසලට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් රැුස්ව සිටි බවත් ඒ නිසා අනතුරට පත් වූවන් සොයා සිදු කළ මෙහෙයුම්වලට බාධා සිදු වූ බව සහන සේවකයෝ පැවසූහ.
අනාරක්ෂිත ගුවන්ගමන් සේවා හේතු කොට ගෙන නයිජීරියාවේ නිරන්තරයෙන් ගුවන් අනතුරු සිදුවේ.
2025 නොවැම්බර් මස 04
203
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියා ගුවන් අනතුරින් මඟීහු150 ක් මරුට
ජගත් Tuesday, 05 June 2012 11:12 AM
බිමින් ගියා නම් ඉවරයිනේ
සුභාශිනී Wednesday, 06 June 2012 03:16 AM
න අන්තලික්ඛේ න සමුජ්ජ මජ්ජේන.! ගුවනේ සිටියත් මහ සාගරය මැද සුරක්ෂිත වන්නට සූදානම්වූවත් මරණයෙන් ගැලවීමක් නොමැත!! යැයි බුදුන් ප්‍රකාශකළේ එබැවිනි...