බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් එරට උතුරු දිග ප‍්‍රාන්ත තුනක ගම්මාන කිහිපයකට කඩා වැදී ගම්වැසියන් 79 දෙනකු ගෙල සිඳ මරා දැමූ බව නයිජීරියා ආරක්ෂක අංශ  කියා සීටී.

බොකෝ හරාම් සටන්කාමීන් එම ගම්වැසියන් මරා දැමුවේ එම ගම්මාවලට බටහිර ආධාරමත පාසල් පවත්වාගෙන යෑමට විරෝධයක් දක්වමින් යැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වන බෝකෝ හරාම් සංවිධානය නයිජීරියා රජයට හිසරදයක් වී සිටී. ඔවුන් අණසක පතුරු වන්නේ නයිජීරියාවේ උතුරුදිග ප‍්‍රාන්තවලය. ඒ, 2009 වසරේ සිටය.

අපි‍්‍රකාවට අයත් ජනගහනය වැඩිම රාජ්‍යය වන්නේ නයිජීරියාවය. පසුගිය මාස කිහිපයේ බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් 3,600 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නයිජීරියානු රජය පවසා ඇත.