උත්සව සමයේ වෙළඳපොළට බෙදා හැරීමට ආනයනය කළ බව කියන ව්‍යාජ වෙළඳ භාණ්ඩ තොගයක් එංගලන්තයෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් නත්තල් සමයේ ගන්නා තෑගී භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිළිමත් වන ලෙස එරට ජනතාවට අනතුරු අඟවා ඇත.

එරට ගුවන්තොටුපල බලධාරිහු 83,000ක් පමණ ව්‍යාජ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සතිය තුළ යුරෝ මිලියනයක් වටිනා භාණ්ඩ ගුවන්තොටුපල බලධාරීහු විසින් නවත්වනු ලැබිණි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ ව්‍යාජ දැයි සැක හැර දැනගැනීමට අදාළ සමාගම් සමග සාකච්ඡා කරන බව බලධාරීහු පවසති..

නත්තල් සමයේ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා වැළැක්වීමට මෙහෙයුම් දියත් කරන බවත් කියති.

එම තොගය තුළ ව්‍යාජ හැරී පෝටර් යෂ්ටි, ව්‍යාජ "ලුවී වුටෝන්" බෑග සහ ව්‍යාජ "නයික් මැක්ස්" පාවහන් ඒ අතර ඇති බව බලධාරීහු පවසති.

Untitled-3 ( ව්‍යාජ "නයික්" පාවහන් )

Untitled-4

(ව්‍යාජ හැරීපොටර් යෂ්ටි)

(ඡායාරූප-පීඒ)