IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


නේටෝ භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථවලට පහර දෙනවා

පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යන ට‍්‍රක් රථ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවට තලේබාන් සටන්කාමීහු ඊයේ (5) අනතුරු ඇඟවීමක් කළහ. තලේබාන් සටන්කාමීන් එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තානය හරහා දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයට දිවෙන නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීමට පාකිස්තාන රජය පෙරේදා (4) කැමැත්ත පළ කිරීමත් සමඟය. ”පාකිස්තානයේ කොතැනකින් හෝ ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනය කරනවා නම් අප එම ට‍්‍රක් රථවලට පහර දෙනවා. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට පාකිස්තානය හරහා භාණ්ඩ ප‍්‍රවාහනය කරන්න අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” යැයි තලේබාන් සටන්කාමීන් රොයිටර්ස් පුවත් සේවයට ඊ මේල් පණිවුඩයක් එවමින් එම අනතුරු අගවා තිබේ සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කිරීමට පෙරත් අවස්ථා ගණනාවකදී තලේබාන් සටන්කාමීහු භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථවලට පහර දී විනාශ කළහ. සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කළේ මීට මාස 8 කට පමණ පෙර සිදුවූ සිදුවීමක් මුල්කොට ගනිමිනි. එම සිදුවීම වන්නේ ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා සහ නේටෝ හමුදා ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ මුරපොළක සිටි පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමයි. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශසීමා හරහාය. එම නිසා එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ. එම සැපැයුම් මාර්ග පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දෙයි. එහෙත් සැපැයුම් මාර්ග වසා දැමීමෙන් පසු එම ආධාර සීමා කිරීමට ද ඇමෙරිකා රජය පියවර ගත්තේය. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පළුඳු වීමත් සමඟ පාකිස්තානයේ සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් පාකිස්තාන ජනතාවගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් කෙණෙහිලිකම්වලට ලක් වූ බවය පැමිණිලි එල්ල වන්නට විය. නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණයට පාකිස්තාන වැසියන්ගෙන් ද විරෝධයක් එල්ල වෙමින් පවතී. ඊයේ (5) ඉස්ලාමාබාද් නුවර පැවැති ඇමෙරිකා විරෝධී රැළියකදී විරෝධතාකරුවෝ ඇමෙරිකා ධජ පුලූස්සා දැමූහ.



අදහස් (0)

නේටෝ භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථවලට පහර දෙනවා

නිෂාඩ් Monday, 09 July 2012 09:48 AM

ඇමරිකාව කාගෙන් හරි කොහෙන් හරි පාඩමක් ඉගෙන ගනී ඔහොම ගිහින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 203 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site