ධීවරයන් 16 දෙනකු ඝාතනය කළ බවට සැකකරන උතුරු කොරියානු ධීවරයන් දෙදෙනකු දකුණු කොරියාවට පලා යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නැවත උතුරු කොරියාවට බාරදුන් බව දකුණු කොරියා බලධාරීහු පවසති.
පසුගිය සෙනසුරාදා දිනයේ සමුද්‍ර දේශ සීමාව තරණය කිරීමට යෑමේදී මොවුන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇත.
දකුණු කොරියාව සාමාන්‍යයෙන් වැරදිකරුවන්ට රැකවරණය ලබාදෙන නමුත් මොවුන් දෙදෙනා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති හෙයින් අපරාධකරුවන් ලෙස සළකා උතුරට බාරදුන් බව බලධාරීහු පවසති.
ඔක්තෝබර් අග භාගයේදී ධීවරයන් තිදෙනකු විසින් එම අපරාධය සිදුකර ඇති අතර ඔවුන් සේවය කළ නැවේ කපිතාන්වරයා පළමුව ඝාතනය කර ඇත.
එයට විරුද්ධ වූ කාර්ය මණ්ඩලයේ 16 දෙනකු ද වරින්වර මොවුන් තිදෙනා මරා දමා ඇත.
සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු උතුරු කොරියාවේ වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනික් දෙදෙනා බෝට්ටුවකින් පලායෑමට තැත්කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
ලංකාවට අාවා නම් හංසයාගෙන් ඊළඟ මැතිවරණයට ඡන්දෙ ඉල්ලන්න තිබුණා.