ඉකුත් සති දෙකක කාලයේ දී චීනයට ගිය විදේශිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වන බව වියට්නාමය අද (2) නිවේදනය කළේය. 

හොංකොං, මැකාවෝ සහ තායිවානය ඇතුළු වියට්නාමය සහ චීනය අතර ගුවන් ගමන් ද නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට වියට්නාම රජය තීරණය කර ඇත. 
 
කෙසේ නමුත් වියට්නාම රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව තායිවානයට දැමූ තාවකාලික ගුවන් තහනම පමණක් ඉවත් කිරීමට වියට්නාමය පියවර ගත් බව මුල් නිවේදනයෙන් පැය කිහිපයකට පසු නිවේදනයක් නිකුත් කරමින් තායිවානය සඳහන් කළේය. 

තායිවානය යනු වියට්නාමයේ ප්‍රධාන ආයෝජකයෙකි. තායිවානය පසුගිය දශක තුනේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 32ක් ආයෝජනය කර ඇත. 

තායිවානයේ කොරෝනා වෛරසය ආසාදනය වූ සිදුවීම් 10ක් වාර්තා වී ඇත. 
 
ඒ.එෆ්.පී. 

055
 
 ​