
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හයිටි ජනාධිපති බිරිඳ මාටීන් විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි හයිටි රාජ්‍යය බලා පැමිණියාය.
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් සහ බිරිඳ මාටීන් වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ පසුගිය ජූලි 7 වැනිදාය. නානදුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර පිහිටි ජනාධිපති නිල නිවසට රාත්‍රියේ කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ජොවෙනෙල් මොයිස් එම ස්ථානයේදීම මියගියේය.
බරපතල ලෙස තුවාල ලැබූ බිරිඳ මාටීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රෝහලකට ගෙනයන ලදී.
ජනාධිපතිවරයාටත් බිරිඳටත් වෙඩි තැබීම කළේ කුලී හේවායන් කණ්ඩායමක් බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනා කොලොම්බියානු කුලී හේවායන් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.
ඊට අමතරව, හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකුට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කෙසේ නමුත්, ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් සොයා දිගටම පරීක්ෂණ සිදුවෙමින් පවතී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd