'කොවිඩ් 19 ' හෙවත් නව කොරෝනා වයිරසයට බිලි වී, මාපියන් අහිමි දරුවන් රැක බලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඉන්දීය රජය පවසයි.
මෙම දරුවන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය රක්ෂණ ලබා දීමට ද කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය පෙන්වා දෙයි.
මෙම දරුවන් වෙනුවෙන් එක් දරුවකු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියනයක් වෙන් කර ඇති බවත්, අවුරුදු 18 පිරෙද්දී, දරුවන්ට එම මුදල ලබා දීමට කටයුතු කරන බවත් රජය පවසයි. මුදල් වෙන් කිරීම සිදුවන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය අරමුදල හරහාය.
මාපියන් අහිමි දරුවන් සියලු දෙනා රජයේ සෞඛ්‍ය රක්ෂණ වැඩසටහනට ඇතුළත් කෙරෙන අතර, වාරික ගෙවීම් සිදු කරනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය අරමුදලිනි.
අග්‍රාමාත්‍ය අරමුදල් දරුවන්ගේ පාසල් ගාස්තු, නිල ඇඳුම්, පොත් පත් සඳහා ද ලබා දෙයි. අවුරුදු 18 පසු කළ පසු මාසික දීමනාවක් ලෙසත් අවුරුදු 23 පසු කළ පසු සියලු මුදල් එකවර ලබා දීමටත් මෝදි පරිපාලනය කටයුතු සූදානම් කර ඇත.
බිලියන 1.3 ක් වන ඉන්දීය ජනගහනයෙන්, සියයට 27 ක් අවුරුදු 14 ට අඩුය.
කොරෝනා වසංගතය හේතුවෙන් මාපිය සෙනෙහස අහිමිවුණු දරුවන් ගණන 3,50,000 ක් සිටින බව වාර්තා වේ.
නවදිල්ලියේදීය (බ්ලූම්බර්ග්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට අම්මා තාත්තා නැතිව මොනවා දුන්නත් වැඩක් නැහැ. මෙහෙ අය නම් ඒකෙනුත් ගසා කාවි. බඩු කෑලිවල හැටි අපි නොදන්නවායෑ... ඒ බයිලා වැඩක් නැහැ. කොහොම හරි කරලා ජනතාව මේ වුවදුරෙන් බේරගන්න එක පාලකයින්ගේ වගකීමක්... තමාවත් ඒකට නිසි වැඩ පිළිවෙලක් සකස් කරලා නැහැ. ඒ නිසා බිස්නස් නවත්තලා ජනතාව ගැන හිතන්න...