IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දුම් බීම එපා වේ

දුම් බීමේ ආදීනව දැක්වෙන දර්ශනයන් මුද්‍රණය කරන ලද දුම්වැටි අසුරන නිසාවෙන් බි‍්‍රතාන්‍යයේ දුම්බොන්නන්ගේ ප‍්‍රතිශතය ශිඝ‍්‍රයෙන් පහළ යමින් ඇතැයි නවතම සමිීක්ෂණයකින් හෙළිව තිබේ.

මෙම සමීක්ෂණයේ පරීක්ෂණ නියැදිය තරුණ තරුණියෝය.ඒ තරුණ පරම්පරාව වැඩිහිටියන්ට වඩා දුම්පානයට ඇබ්බැහි වී සිටින බව සොයාගෙන ඇති බැවිනි.

දුම් බීමට පුරුදුව සිටියද මෙවන් දුම්වැටි අසුරන මුද්‍රණය කර තිබෙන දර්ශනයන් නොනවත්වාම දැකීමට සිදුවීම නිසාවෙන්ම දුම්බීම අත්හළ තරුණ තරුණියන්ද සිටින බවද සමික්ෂණයෙන් ලත් තොරතුරු ඇසුරින් අනාවරණයව තිබේ.

බි‍්‍රතාන්‍යයේ වසරකට දුම්බීම නිසා ඇතිවන රෝගාබාධ වලට ගොදුරුව මියයන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ.යුරෝපයේ අනෙක් රටවලද තත්ත්වය මෙයට සමානය.මේනිසාවෙන්ම යුරෝපා සංගමය දුම්පානය සම්බන්ධයෙන් නව නීති හා රෙගුලාසි නුදුරේදීම හදුන්වාදීමටත් නියමිතය.

දුම් වැටි අසුරනයන්ගේ දුම්බීමේ ආදීනව දැක්වෙන දර්ශනයන් මුද්‍රණය කිරීම මුලින්ම සිදුකළේ  ඕස්ටේ‍්‍රලියාවයි.ඒ පසුගිය වසරේදීය.හදුන්වාදී වැඩි කල් ගතවීමට ප‍්‍රථමයෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමටත්  ඕස්ටේ‍්‍රලියාව සමත් විය.

ශී‍්‍ර ලංකාවේද දුම්වැටි අසුරනයන්ගේ මෙවන් දර්ශනයන් මුද්‍රණය කිරීමට සැළැසුම් කර තිබේ.ඇත්තේ කි‍්‍රයාත්මක කිරීමට පමණි.

 

 



අදහස් (0)

දුම් බීම එපා වේ

තරු Wednesday, 09 October 2013 08:37 AM

ශ්‍රීලාල් හරියටම හරි. නිෂ්පාදනය නැවැත්විමයි කළ යුත්තේ (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 08 October 2013 08:22 PM

එකම විසදුම තුන් ඈවරයි (අ)

:       0       0

හර්ෂ Wednesday, 09 October 2013 08:52 AM

ඔව් ශ්‍රීලාල්, මමත් කියන්නේ, දුම් බොන මත්පැන් බොන අයට දඩුවම් දීලා වැඩක් වෙන්නේ නැහැ. හොදම දේ තමයි දුම්කොළ මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම් වහලා දාන්න ඕනෑ. එතකොට එතනින් ප්‍රශ්නය අවසානයි. (නි)

:       0       0

රෙසිකි Tuesday, 08 October 2013 08:31 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (අ)

:       0       0

සෑම් Wednesday, 09 October 2013 09:41 AM

නිශ්පාදනය නවතා දැමීමත්,නීතිය තදින් ක්‍රියා කරවීමත් දෙකම ඉතාම අවශ්‍යයි.(දිල්)

:       0       0

රජින්ද Wednesday, 09 October 2013 10:17 AM

අනේ ඒකට අපේ සිරි ලංකාවේ...? දේශප්‍රේමී ඇමති උතුමන් වෙසෙන, ජනතාව ගැන පමණක් හිතලා ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුවක් තිබෙන අපේ ලංකාවේ, එක සිගරට් පැකට් එකකට අඩු ගානේ පින්තූරයක් තියා එක වාක්‍යයක් ගහගන්න සමහරු විදින දුක දැක්කම හීනියට හිනාවකුත් එනවා. (නි)

:       0       0

ජෝන් Tuesday, 08 October 2013 05:42 PM

ලංකාවේ ක්‍රියාත්මක කරනවා කියන්නේ හීනයක්. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 09 October 2013 02:30 AM

දුම් බීම නොව ඒවා නිෂ්පාදනය සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කළා නම් ඉවරයිනේ. ඕනෑම රටක ප්‍රධානම ආදායම තමයි දුම්කොළ සහ මධ්‍යසාර බද්ද. මේවා තහනම් කර දුම් බොන මත්පැන් බොන අයට නොව ඒවා නිෂ්පාදනය කරන අයට දඩුවම් නියම කළ විට ඕක ඉබේම නවතීවි. ගහක් මරන්න කොළ අතු කප‍‍ා හරියන්නේ නැහැනේ. ගහ මුලින්ම කපා දැම්මම ප්‍රශ්නය අවසානයි. සිගරට් බොන අය මැරෙනවා කියලා පැකට් එකේ පින්තූර දමන්න විශාල වියදමක් යනවනේ. හොඳම දේ තමයි අවශ්‍ය නීති සකස් කර විශාල බෝඩ් ගහන්න ඕනෑ දුම්කොළ මධ්‍යසාර නිෂ්පාදනය කරන සහ පාරිභෝජනය කරන සියලු දෙනාටම ප්‍රසිද්ධියේ දඩුවම් දෙන බව. එතනින් ප්‍රශ්නය අවසානයි. (නි)

:       0       0

දර්ශන් Wednesday, 09 October 2013 07:20 AM

දුම්කොළ සමාගම් හිටිහැටියේ වසා දැමීමෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමිවිය හැකිය. එම නිසා ලංකාවේ ඖෂධ පැළෑටි යොදාගෙන ග්‍රීන් සිගරැට් නිශ්පාදනය කිරීම සහ දුම්කොළ වැවීම නතර කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30227 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12319 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 775 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 886 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site