දුම් බීමේ ආදීනව දැක්වෙන දර්ශනයන් මුද්‍රණය කරන ලද දුම්වැටි අසුරන නිසාවෙන් බි‍්‍රතාන්‍යයේ දුම්බොන්නන්ගේ ප‍්‍රතිශතය ශිඝ‍්‍රයෙන් පහළ යමින් ඇතැයි නවතම සමිීක්ෂණයකින් හෙළිව තිබේ.
මෙම සමීක්ෂණයේ පරීක්ෂණ නියැදිය තරුණ තරුණියෝය.ඒ තරුණ පරම්පරාව වැඩිහිටියන්ට වඩා දුම්පානයට ඇබ්බැහි වී සිටින බව සොයාගෙන ඇති බැවිනි.
දුම් බීමට පුරුදුව සිටියද මෙවන් දුම්වැටි අසුරන මුද්‍රණය කර තිබෙන දර්ශනයන් නොනවත්වාම දැකීමට සිදුවීම නිසාවෙන්ම දුම්බීම අත්හළ තරුණ තරුණියන්ද සිටින බවද සමික්ෂණයෙන් ලත් තොරතුරු ඇසුරින් අනාවරණයව තිබේ.
බි‍්‍රතාන්‍යයේ වසරකට දුම්බීම නිසා ඇතිවන රෝගාබාධ වලට ගොදුරුව මියයන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ.යුරෝපයේ අනෙක් රටවලද තත්ත්වය මෙයට සමානය.මේනිසාවෙන්ම යුරෝපා සංගමය දුම්පානය සම්බන්ධයෙන් නව නීති හා රෙගුලාසි නුදුරේදීම හදුන්වාදීමටත් නියමිතය.
දුම් වැටි අසුරනයන්ගේ දුම්බීමේ ආදීනව දැක්වෙන දර්ශනයන් මුද්‍රණය කිරීම මුලින්ම සිදුකළේ ඕස්ටේ‍්‍රලියාවයි.ඒ පසුගිය වසරේදීය.හදුන්වාදී වැඩි කල් ගතවීමට ප‍්‍රථමයෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමටත් ඕස්ටේ‍්‍රලියාව සමත් විය.
ශී‍්‍ර ලංකාවේද දුම්වැටි අසුරනයන්ගේ මෙවන් දර්ශනයන් මුද්‍රණය කිරීමට සැළැසුම් කර තිබේ.ඇත්තේ කි‍්‍රයාත්මක කිරීමට පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ක්‍රියාත්මක කරනවා කියන්නේ හීනයක්. (නි)
එකම විසදුම තුන් ඈවරයි (අ)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (අ)
දුම් බීම නොව ඒවා නිෂ්පාදනය සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කළා නම් ඉවරයිනේ. ඕනෑම රටක ප්‍රධානම ආදායම තමයි දුම්කොළ සහ මධ්‍යසාර බද්ද. මේවා තහනම් කර දුම් බොන මත්පැන් බොන අයට නොව ඒවා නිෂ්පාදනය කරන අයට දඩුවම් නියම කළ විට ඕක ඉබේම නවතීවි. ගහක් මරන්න කොළ අතු කපා හරියන්නේ නැහැනේ. ගහ මුලින්ම කපා දැම්මම ප්‍රශ්නය අවසානයි. සිගරට් බොන අය මැරෙනවා කියලා පැකට් එකේ පින්තූර දමන්න විශාල වියදමක් යනවනේ. හොඳම දේ තමයි අවශ්‍ය නීති සකස් කර විශාල බෝඩ් ගහන්න ඕනෑ දුම්කොළ මධ්‍යසාර නිෂ්පාදනය කරන සහ පාරිභෝජනය කරන සියලු දෙනාටම ප්‍රසිද්ධියේ දඩුවම් දෙන බව. එතනින් ප්‍රශ්නය අවසානයි. (නි)
දුම්කොළ සමාගම් හිටිහැටියේ වසා දැමීමෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමිවිය හැකිය. එම නිසා ලංකාවේ ඖෂධ පැළෑටි යොදාගෙන ග්‍රීන් සිගරැට් නිශ්පාදනය කිරීම සහ දුම්කොළ වැවීම නතර කරන්න. (නි)
ශ්‍රීලාල් හරියටම හරි. නිෂ්පාදනය නැවැත්විමයි කළ යුත්තේ (නි)
ඔව් ශ්‍රීලාල්, මමත් කියන්නේ, දුම් බොන මත්පැන් බොන අයට දඩුවම් දීලා වැඩක් වෙන්නේ නැහැ. හොදම දේ තමයි දුම්කොළ මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම් වහලා දාන්න ඕනෑ. එතකොට එතනින් ප්‍රශ්නය අවසානයි. (නි)
නිශ්පාදනය නවතා දැමීමත්,නීතිය තදින් ක්‍රියා කරවීමත් දෙකම ඉතාම අවශ්‍යයි.(දිල්)
අනේ ඒකට අපේ සිරි ලංකාවේ...? දේශප්‍රේමී ඇමති උතුමන් වෙසෙන, ජනතාව ගැන පමණක් හිතලා ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුවක් තිබෙන අපේ ලංකාවේ, එක සිගරට් පැකට් එකකට අඩු ගානේ පින්තූරයක් තියා එක වාක්‍යයක් ගහගන්න සමහරු විදින දුක දැක්කම හීනියට හිනාවකුත් එනවා. (නි)