බොහෝ දුම්බොන්නන් දුම්බීම අත්හැරීමට පෙළඹෙන්නේ ඔවුන් තම සෞඛ්‍යට වඩා පෙනුම මුල් කොට සළකන හෙයින් යැයි නවතම සමික්ෂණයකින් හෙළිව තිබේ.

දුම්බීම අත්හැර පුද්ගලයින් 1500 ක් යොදාගෙන සිදුකර ඇති මේ සමික්ෂණයෙන් ඔවුන්ගෙන් බහුතරය දුම්බීම නිසා තම පෙනුමට සිදුව හානිය ගැන සිතා දුම්බීම අත්හැර ඇතැයි අනාවරණයව වී තිබේ.

නොකඩවා දුම්පානයෙහි යෙදෙන්නන්ගේ සම රැළි වැටීම,දත් කහ පැහැ ගැන්වීම,මුහුණ අව පැහැ ගැන්වීම,නියපොතු කඩතොලූ වීම වැනි ලක්ෂණයන් ඇති වේ.

දුම්පානයේ ආදීනව ගැන බොහෝ කරුණු තිබෙතත් ඒවා සියල්ලක්ම පාහේ සෞඛ්‍යමය කරුණු අරබයා ඉදිරිපත් කළ ඒවා බවත් දුම්පානය නිසා පෙනුමට සිදුවන හානිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරී නොමැති බවත් සමික්ෂණය කළ බි‍්‍රතාන්‍යයේ වි.අයි.පී. විද්‍යුත් දුම්වැටි නිෂ්පාදක සමාගමේ අදහසයි.

දුම්පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු උදෑසන මුහුණ බලන කණ්නාඩියෙන් නොපෙනන නිසා දුම්පානය කරන්නන් දුම්පානය අත්හැරීම කෙරෙහි වඩාත්ම යොමු කරවන්නේ පෙනුමේ සිදුවන වෙනස්කම් බව සමීක්ෂණයට ලද ප‍්‍රතිචාර වලින් පෙනේ.