නිව්යෝක් සරසවිය මඟින් නවතම පර්යේෂණයනකින් අනාවරණය වී ඇත්තේ නිතර දුම්බොන්නන්ට වඩා දුම්බොන්නන් ළඟ සිටින්නන්ගේ ශරීරයට රසායනික වර්ග ඇතුළුවන බවයි.
ඊට හේතුව වශයෙන් පර්යේෂණ කණ්ඩායම පවසා සිටියේ දුම්බොන්නන් දුම්වැටි පානය කිරීමේදි පිටකරන දුම් රොටු හානිකර බවත් දුම්වැටි නොබොන පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුවන්නේ එම විෂ දුමාරය බවත්ය.
දුම්නොබොන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා නිකොටින් නිකොටින් රසායනයට ඇබ්බැහි වෙතියි පර්යේෂකයෝ කියති.
දැන් සියල්ල ක්‍රමයෙන් වෙනස් වී ඇති බවත් කෙදිනකවත් දුම්වැටි පානය නොකළ පුද්ගලයන් දැන් ඉඳහිට දුම්පානයට පුරුදුව ඇති බවත් මෙම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ පවසති.
මෙම පර්යේෂණයට සහභාගි මහාචාර්යය වෛද්‍ය දීපක් සැක්ස්එනා කියනුයේ මෙම සමීක්ෂණය සඳහා ඇමෙරිකානු සරසවි අටක පමණ සිසුන් සහභාගී වූ බවයි. ඊට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 12 කෙදිනකවත් දුම්වැටියක් භාවිතා කර නැත.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හා ඇමෙරිකා පෙනහළු පිළිබඳ සංවිධානය අවධාරණය කර සිටියේ දුම් නොබොන පුද්ගලයන් නොදැනුවත්වම විෂසහිත රසායනික වර්ග සිය ශරීරයට ඇතුළු කරගන්නා බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.