බ‍්‍රසීලයේ ඇරිස්වාල්ඩෝ ඩෙ කැම්පොස් පිරෙස් සිරගෙදර සිරකරුවෝ මේ දිනවල මැහුම් ගෙතුම් කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වති.
ඒ ඔවුන් මැහුම් ගෙතුම් කරමින් ගතකරනා සෑම දින 3 කටම ඔවුන්ගේ සිරදඩුවම් කාලයෙන් දිනක් බැගින් අඩු කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීමට සිරගෙදර බළධාරීන් කටයුතු කර ඇති බැවින්ය.
කැම්පොස් පිරෙස් යනු බ‍්‍රසීලයේ අධිආරක්ෂිත සිරකදවුරකි.මෙහි රඳවා සිටින්නෝ දරුණුම ගණයේ අපරාධ වලට සිරදඩුවම් ලැබුවෝය.
එසේවුවත් සිරකදවුරේ රැදැවියන් බහුතරය මැහුම් ගෙතුම් කිරීමට උද්යෝගයෙන් යුතුව සහභාගී වන බව බලධරයෝ කියති.
සිරකරුවන් අතින් කෙරෙන මැහුම් ගෙතුම් කටයුතු අධීක්ෂණය කරනුයේ බ‍්‍රසීල ජාතික ඇඟලූම් නිර්මාණ ශිල්පිනියක් වන රැකුවෙල් ගුයිමරාරේස්ය.නිවැරදිව මැහුම් ගෙතුම් කිරීමට ඇය සිරකරුවන්ට උපදෙස්ද ලබාදෙන්නීය.
පිරිමින්ට මැහුම් ගෙතුම් පුරුදු කිරීමත් එක් අතකට විනෝදයක් බව රැකුවෙල් පවසන්නීය.තම සිරදඩුවම් කාලය අඩුකර ගැනීමේ අරමුණින් බොහෝ සිරකරුවන් මේ ‘‘මැහුම් ගෙතුම් වැඩසටහන‘‘ සමග එක්වී ඇති බව ඇය කියන්නීය.
සිරකරුවන් අතින් කෙරෙන මැහුම් ගෙතුම් නිර්මාණයන් විකුණා ඒවායින් ලැබෙන මුදල් සිරකරුවන් අතටම ලබාදීමේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මකය.
මැහුම් ගෙතුම්වල යෙදී සිටීමෙන් තම ප‍්‍රචණ්ඩකාරී හැගීම් මර්දනය වනවා සේම කවදා හෝ සිරෙන් නිදහස් වූ දිනකදී තමන් ඉගෙනගත් ශිල්ප භාවිතයෙන් ජීවිතය ජයගැනීමටත් හැකිවනු ඇතැයි සිරකරුවන් කියයි.
COMMENTS
මේ ගොල්ලෝ දරුණු අපරාධකාරයෝ වුනාට සල්ලිකාරයෝ නෙමෙයි මං හිතන්නේ. නැත්නම් අපේ වගේ කෙටි ක්‍රම අනුගමනය කරන්න තිබුනනේ. අපේ අය ඔය හවසට හවසට ගෙදර ගිහිල්ලත් පහුවදා උදේ ආපහු එනවා කියන්නේ. (නි)
ඇත්තටම මෙහෙම හැම හිරකරයෙක්ම සිතනවද බ්‍රසීල් වල එහෙම උනත් ලංකාවේ සිරකාරයෝ ....මමත් එන්න හිතන් ඉන්නවා. (ස)
ජීවිතාන්තය තෙක් හිරේ ගිය කෙනෙකුට කොහොමද ඒක අඩුවෙන්නෙ?(නදී)