IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


දකුණු අප්‍රිකාව සිවුවැනි කොරෝනා රැල්ලෙන් බැටකයි

දකුණු අප්‍රිකාව, සිවුවැනි 'කොවිඩ් 19' රැල්ලෙන් බැටකන බවත්, අවුරුදු පහට අඩු කුඩා දරුවන්ට වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල වන බවත් එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.

'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය ද දකුණු අප්‍රිකාව පුරා පැතිරීම මේ වනවිට ආරම්භ වී ඇත. සිවුවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඔමික්‍රෝන්' විය හැකි යැයි ද සැක කෙරේ.

'ඔමික්‍රෝන්' විකෘතිය හඳුනා ගැනීමට නම් ජාන විශ්ලේෂණය කළ යුතුය. 'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවීම් කළේ ද දකුණු අප්‍රිකාවය. ලොව ප්‍රධාන පෙළේ වයිරස විශේෂඥයන් සහ වයිරස පර්යේෂණ ආයතන ඇත්තේ දකුණු අප්‍රිකාවේය.‍

'මෙම සිවුවැනි කොරෝනා රැල්ලෙන් අවුරුදු 5 ට අඩු දරුවන්ට පවා බලපෑම් එල්ල වී තිබෙනවා. කලින් අවස්ථාවලදී එසේ වූයේ නැහැ. තෙවැනි කොරෝනා රැල්ලේ දී අවුරුදු 12 ට වැඩි දරුවන් වැඩි වැඩියෙන් රෝහල්ගත කෙරුණා. දැන් රෝහල් ගත කිරීම වැඩි වී ඇත්තේ අවුරුදු 5 ට අඩු දරුවන්' යැයි සෞඛ්‍ය අමාත්‍ය ජෝ පාලාහ් පවසා තිබේ.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර තිබේ. දෛනිකව ආසාදිතයන් 10,000 පසු කරමින් වාර්තා වන බව එරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සලීම් අබ්දූල් කරිම් පවසා ඇත. පසුගිය සිකුරාදා (3) නව ආසාදිතයන් 16,055 දෙනකු වාර්තා වූ බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 3,004,203 ක් තෙක් ඉහළ ගිය බවත් වාර්තා වේ.

මේ අතර, අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යය ඊයේ (4) නිවේදනය කළේ එරටින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් 50 දෙනකු මේ වනවිට හමුවී ඇති බවය. ඒ අනුව, බූස්ටර් එන්නත් ලබා දීම වේගවත් කරන බවත් පළමුවෙන් බූස්ටර් එන්නත් ලැබෙනු ඇත්තේ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට, වැඩිහිටියන්ට සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයන්ට බවත් සිම්බාබ්වේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ජේන් මැන්ග්විරෝ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දකුණු අප්‍රිකාව සිවුවැනි කොරෝනා රැල්ලෙන් බැටකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6059 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 258 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 309 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1234 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site