දකුණු අප්‍රිකාවේ කේප් නගරය ආසන්නයේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරුමකින් 8 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
සිරවී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ගිනි නිවන ඒකකය පවසයි.
ගින්න ඉතා ඉහළට විහිදුන බවත් කිලෝමීටර් 5ක් තරම් ඈතට දර්ශනය වූ බවත් බලාසිටින්නන් පවසා ඇත.
ආරක්ෂක අංශ සඳහා මූනිස්සම් සහ පුපුරණ ද්‍රව්‍ය නිපදවන කම්හලක් වන මෙහි පිපිරුමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd