IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අද ඇරඹෙන මුස්ලිම්වරුන්ගේ ඊද් අල්-ෆිතර් උත්සවය වෙනුවෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇත.

පසුගිය සතිවලදී රජයේ හමුදාවලට එරෙහිව තලේබාන් ප්‍රහාර ඉහළ ගිය බව ද දක්නට ලැබුණි.

තලේබාන් සංවිධානයේ මෙම නිවේදනය ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගහානි මහතා විසින් පිළිගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සොල්දාදුවන් ඒ අනුව ක්‍රියාකරනු ඇති බවයි.

රටේ පවතින ප්‍රචණ්ඩත්වය දිගු කාලීනව අඩු කිරීමට මෙම තෙදින සටන්විරාමය මගින් බලාපොරොත්තු ඇති කෙරේ.

කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා 2018 වසරේදී ප්‍රකාශයට පත්කළ සටන්විරාමය දිගු නොකිරීමට පියවර ගැනුණි.

සතුරාට විරුද්ධව කිසිදු ස්ථානයකදී කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙසත් සතුරා විසින් යම් ක්‍රියාවක නියැලුණහොත් ඉන් ආරක්ෂා වන ලෙසත් තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිඩ් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගහානි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රහාරයකදී පමණක් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නා ලෙස තම සොල්දාදුවන්ට උපදෙස් දී ඇති බවයි.


(බීබීසී ඇසුරෙනි)
-226-



අදහස් (0)

තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site