IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ප‍්‍රහාරවල කිසිම අඩුවක් නෑ


ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 10 ක් සපිරී ඇති නමුත්, තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරවල කිසිදු අඩුවක් දක්නට නැතැයි නේටෝ හමුදාව ප‍්‍රකාශ කරයි.
නේටෝ හමුදාව 2011 - 2012 වසරවල ප‍්‍රගතිය සම්බන්ධ වාර්තාවක් පසුගිය දා එළිදැක්වූ අතර එහි සඳහන් වූයේ එම කාලයේ තලේබාන් ප‍්‍රහාරවල අඩුවක්  දක්නට ලැබුණු බවය. කෙසේ නමුත් එම වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන වැරදි බවත්, තලේබාන් ප‍්‍රහාර පහත වැටී නැති බවත් නේටෝ හමුදාව වෙනුවෙන් එහි ප‍්‍රකාශක ජේමී ගේ‍්‍රබීල් පවසා ඇත.
මේ අතර ඊයේ (27) උදෑසන හමුදා සෙබළුන් පිරිසක් රැගෙන යමින් තිබුණු බස් රියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය එල්ල වූයේ කාබුල් අගනුවරදීය. එයින් ඇෆ්ගන් හමුදා සෙබළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසර අවසානයේදීය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණ සැඟවීමත් එවකට පැවැති තලේබාන් රජයෙන් ඔහුට සහාය හිමිවීමත් සමඟය.
විදෙස් හමුදා තලේබාන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතැති පාලනයක් පිහිටුවීය. හමීඞ් කර්සායි ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරයට පත් වූයේ ඒ අනුවය. කර්සායිගේ රජය ගෙන යෑමට ආධාර දෙන්නේ බටහිර රටවල්ය.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාම කටයුතු අවසන් කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානමින් සිටින නමුත් තලේබාන් සටන්කාමීන් මට්ටු කිරීමට ඔවුන් සමත් වී නැත.



අදහස් (0)

තලේබාන් ප‍්‍රහාරවල කිසිම අඩුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site