ඇෆ්ගනිස්ථානයේ බටහිර ෆාරා පළාතේ සිදුවූ තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක හමුදාවේ 24දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. බාලා බුලු දිස්ත්‍රික්කයේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එක්රැස් වෙමින් සිටි සොල්දාදුවන් පිරිසකට මෙසේ පහර දී ඇත.
පසුව ඇෆ්ගන් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් කැරළිකරුවන් 25දෙනකු මියගිය බව වාර්තා විය. ඉරාන දේශසීමාවේ පිහිටි බාලා බුලු දිස්ත්‍රික්කය කංසා වගාවට ප්‍රසිද්ධියක් උසුලයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd