සිය සාමාජිකයන් 11 දෙනකු වෙනුවෙන් වසරකට වැඩි කාලයක් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් තිදෙනකු නිදහස් කළ බව ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය පවසයි.
සිරකරු හුවමාරුවක් යටතේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය එලෙස ඉන්දීය ඉංජිනේරුවන් තිදෙනා නිදහස් කර තිබෙන අතර නිදහස ලැබූ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර ඉහළ පෙළේ සටන්කාමීන් ද සිටින බව පැවසේ.
පාකිස්තානයේ ‘ද එක්ස්ප්‍රස් ටි්‍රබියුන්’ පුවත්පතට අනුව සිරකරු හුවමාරුව සිදුව ඇත්තේ ඉරිදා (6) දිනයේදී වන අතර තලේබාන් සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු උපුටා දක්වමින් එම පුවත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් සිරකරු හුවමාරු සිදු වූ ස්ථානය පිළිබඳ කිසිදු සඳහනක් නොවීය.
එමෙන්ම නිදහස් කරන ලද සටන්කාමීන් කවුරුන්ද යන්න හෝ ඔවුන් සිටියේ ඇෆ්ගන් ආරක්ෂක අංශ භාරයේද එසේත් නැතිනම් එරට සිටින ඇමෙරිකානු හමුදා භාරයේද යන්න පිළිබඳවද කිසිදු තොරතුරක් වාර්තා නොවීය. බලධාරීහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ද වැළැකී සිටියහ.
නිදහස ලැබූවන් අතර තලේබාන් සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් වන ෂීක් අබ්දුර් රහීම් සහ මව්ලාවී අබ්දුර් රෂීඞ් සිටින බව වාර්තා විය. ඔවුහු කුනාර් සහ නිම්රෝස් යන පළාත්වල තලේබාන් සංවිධානයේ ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළහ.
ඇෆ්ගනිස්තානයේ බග්ලාන් පළාතේ බලශක්ති බලාගාරයක සේවය කරමින් සිටි ඉන්දීය ඉංජිනේරුවන් හත් දෙනකු පසුගිය වසරේ මැයි මාසයේදී පැහැර ගැනුණි. කිසිදු සංවිධානයක් එහි වගකීම බාර නොගත් අතර මේ වසරේ මාර්තු මාසයේදී එක් අයකු නිදහස් කෙරුණි. අනෙක් පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තා වී නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘ද හින්දු’
055
2025 දෙසැම්බර් මස 04
139
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
362
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තලේබාන් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් 3 ක් නිදහස්