පකිස්තානයේ කරච්චි නුවර තරු පහේ හෝටලයක ඇති වු ගින්නකින් 11 දෙනකු මියගොස් 70 දෙනකු පමණ තුවාල ලැබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හෝටලයේ බිම් මහලේ මුළුතැන්ගෙයි හටගත් ගින්නක් පැතිර ගොස් මුළු ගොඩනැගිල්ලටම ගිනි ඇවිළී ඇති බව බලධාරීහු කියති

සිව්වැනි මහලේ සිටි පිරිස ඇඳ ඇතිරිලි එක්කොට කඹයක් අකාරයට සකස් කොට ඒ ඔස්සේ පහළට ආ බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ හදිසි පිටවීමේ දොරටුවක් තිබී නැතැයි කරච්චි නගරාධිපති වසීම් අක්තාර් පැවසීය.

Untitled-1 Untitled-2

 (ඡායාරූප-ඊ.පි.ඒ/ඒ.පී)