2015 වසර තුළ ඉරාකයේ ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 6,878ක් මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

‘මොසුල් හා අනෙකුත් භූමි ප්‍රදේශ අහිමිවීම නිසා එහි වාඩුව ගැනීමට අයි.එස් ත්‍රස්ත සංවිධානය එල්ල කරන ප්‍රහාරවල ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක සිවිල් වැසියන්’ යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යෑන් කියුබිස් පැවැසීය. 

ආරක්ෂක පද්ධතියේ ඇති දුර්වලතාවය සහ අයි.එස් ත්‍රස්තයන්ගෙ පාලනයේ පවතින භූමි ප්‍රදේශ මුදා ගැනීමට නොහැකි වීම නිසා සිවිල් වැසියන් ඝාතනයට ලක්වන බව එම සංවිධානය පවසයි.

ගැටුම් පවතින ප්‍රදේශවල මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තහවුරු කරගැනීමට නොහැකි වූ බවත් එම නිසා මෙම සංඛ්‍යා දත්ත අවම සංඛ්‍යා දත්ත බවත් කියයි.