බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාරය හා කැනඩාවේ මගී දුම්රියකට බෝම්බ තැබීමට ත‍්‍රස්තවාදීන් ගත් උත්සාහයත් සමඟ ත‍්‍රස්තවාදය පිටුදැකීමේ නව නීති ඊයේ(25) කැනඩා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බව වාර්තා වේ.
ත‍්‍රස්තවාදය පිටුදැකීමට නව නීති ප‍්‍රතිපාදන සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට මන්තී‍්‍රවරු බහුතරය සිය කැමැත්ත ප‍්‍රකාශ කර ඇත.
ඒ අනුව 2001 දී පනවන ලද ත‍්‍රස්තවාදය පිටුදැකීමේ නීති 2007 දී බල රහිත කෙරුණු නමුත් එය නැවත කි‍්‍රයාත්මක කෙරෙනු ඇත. නව නීති යටතේ ආරක්ෂක අංශවලට ත‍්‍රස්ත සැකකරුවන් පරීක්ෂණ කටයුතු සඳහා රඳවා ගැනීමට ඉඩ සැලසේ.
එසේම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ පුද්ගලයන්ට වසර 10 සිට 14 දක්වා සිරදඬුවම් දීමේ හැකියාව ලැබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ නව නීතිවල අඩංගු ඇතැම් ප‍්‍රතිපාදන පුද්ගලයන්ගේ සිවිල් නිදහස සීමා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ! ජය වේවා කැනඩාවට. (නි)
ඕන්.. මානව හිමිකම් එහෙම කඩනවා නෙමෙයි. ඔය නීති ගෙන ඒමම, මානව හිමිකම් කැඩිමක් නොවේද? (නි)