IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තෙරෙස්කෝව රතු ග්‍රහයා තරණයට කැමතියි

නුදුරු අනාගතයේදී අගහරු මතට යන ගගනගාමීන්ගේ කණ්ඩායමට ඇතුළත් වීමට තමන්ද දැඩි කැමැත්තකින් සිටිනා බව අභ්‍යාවකාශය තරණය කළ ලොව ප‍්‍රථම කාන්තාව වන වැලෙන්ටිනා තෙරෙස්කෝවා පවසන්නීය.

ඇගේ වයස දැන් අවුරුදු හැත්තෑ හයකි.සිය දිවියේ අවසන් භාගය අභ්‍යාවකාශ චාරිකාවක් වෙනුවෙන් වැය කිරීමට හැකියාව ලැබෙන්නේනම් තමන්ට ඊට වඩා සතුටක් නැතැයි ඇය කියන්නීය.අගහරු මතට යන ගමනේ ආපසු පෘථිවියට පැමිණීමක් නොමැති බව තමන් දන්නා බවද තම ප‍්‍රියතම ග‍්‍රහලෝකය වන අගහරු තරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් එම අවදානමද භාරගැනීමට තමන් සූදානම් බවද ඇය පවසයි.

ආධුනික පැරෂූට්වරියක වූ වැලෙන්ටිනා එදවස සොවියට් සංගමයේ අභ්‍යාවකාශ වැඩසටහනට ඇතුළත් කර ගන්නා විට ඇය 26 හැවිරදි තරුණියකි.අභ්‍යාවකාශය තරණය කිරීමට තවත් තරුණියන් තිදෙනෙකු සමග රුසියානු විද්‍යාඥයන් යටතේ පුහුණුව ලබා අවසන දස්කම් පෙන්වා අභ්‍යාවකාශය තරණය කිරීමේ වාසනාව හිමි කර ගැනීමට ඇය සමත් වූවාය.

සෝවියට් සංගමය නිපැදවූ වොස්ටොක් 6 යානයෙන් අභ්‍යාවකාශයට ගිය ඇය දින තුනක් පුරාවට අභ්‍යාවකාශයේ රැුදෙමින් පෘථිවිය වටා වට 48 ක් ගමන් කළාය.නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණි ඇය සොවියට් සංගමයේ වීරයා යන සොවියට් සංගමය විසින් පිරිනැමූ ඉහළම සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

මෙම මස 16 වන දිනට ඇය අභ්‍යාවකාශයට ගොස් වසර 50 ක් සපිරේ.නැවත වරක් සිය උපන් රටට ගෞරවයක් ගෙන දීම ඇයගේ අරමුණයි.

 

 



අදහස් (0)

තෙරෙස්කෝව රතු ග්‍රහයා තරණයට කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site