එස් 400 මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම සඳහා තුර්කිය ඉරානය සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන් මහතා උපුටා දක්වමින් එරට පුවත්පතක් ඒ බව වාර්තා කර තිබේ.
තුර්කිය රුසියාවෙන් ප්‍රධාන පෙළේ ආයුද පහක් මිලදී ගැනීමට නියමිත බවත් මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම එයින් එකක් බවත් පැවසේ.
මෙම ගිවිසුම නේටෝ සංවිධානයේ සාමාජිකයකු නොවන රටක් සමඟ තුර්කිය අත්සන් තබන ලද වඩාත් වැදගත්ම වැඩි සැලකිල්ලක් සහ අවධානයක් යොමු කළ යුතු ගිවිසුම යැයි ද සැලකේ. ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව තුර්කිය රුසියාවට මූලික මුදලක් ද ගෙවා ඇතැයි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන් මහතා පවසා තිබේ.
(ඒ.එෆ්.පී-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම රා බොන්න ඕනනම් රා පෙරන මිනිහ බොන බෝතලෙන් අරන් බොන්න ඕනා. අනික්වා කවලම්. ඒ වගේ තමයි රුසියාවෙන් ගහන මිසයිල් වලින් බේරෙන්න නම් ඒ ගොල්ලොම හදන ආරක්ෂණ පද්ධතිය ගත්තම බඩු ෂුවර්.
රුසියාවෙන් ගන්න ඒවාට මොකටද ඉරනයත් එක්ක ගිවිසුම් ගහන්නේ.. එය නිවැරදි කරන්න.