තායිවානයේ දුම්රියක සිදුවූ පිපිරීමකින් 24 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තායිපේ අගනුවර දුම්රියපොළ ආසන්නයේදී මෙම පිපිරීම සිදුව ඇති අතර සුළු ගිනි ගැනීමක්ද ඇතිවී ඇතැයි කියති.
සිද්ධිය ඇසින් දුටුවන් පවසනුයේ පුද්ගලයකු හතරැස් කළු පෙට්ටියක් වැනි යමක් රැගෙන දුම්රියට ගොඩවූ බවයි.
වැඩි පිරිසක් තුවාල ලබා ඇත්තේ පිළිස්සීම හේතුවෙන් බව එරට ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd