IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘තායිවානයට ගිය ඇමෙරිකානු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා ‘‘

තායිවානයට ගිය ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව චීනය ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික කටයුතු පිළිබඳ සහකාර ලේකම් කීත් ක්‍රාච් ඇතුළු කණ්ඩායමක් ඉකුත් දා තායිවානයට පැමිණියේය. චීනය, තායිවානය තමන්ට අයත් ප්‍රදේශයක් යැයි නිරන්තරයෙන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් තායිවානය එම අයිතිවාසිකම ප්‍රතික්ෂේප කරන අතර තමන් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් යැයි අවධාරණය කරයි.

ක්‍රාච් තායිවානයට පැමිණියේ ඉකුත් අඟහරුවාදා ය. තායිවානයේ හිටපු ජනාධිපති ලී තෙන්ග් හුයිගේ අනුස්මරණ උත්සවයට සහභාගී වීම සඳහා හෙතෙම තායිවානයට පැමිණ සිටින අතර එම උත්සවය සෙනසුරාදා පැවැත්වීමට නියමිත ය. ලී තෙන්ග් හුයි, තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස එරට තුළත් ජාත්‍යන්තර තුළත් ඉහළ පිළිගැනීමට ලක්වූවෙකි.

ක්‍රාච් හෙට තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග්-වෙන් මුණ ගැසීමට නියමිත ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් පසුගිය මාසයේදී තායිවානයේ සංචාරයක නිරත විය. දශක හතරක පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙක් තායිවානයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව එය වේ.

ක්‍රාච්ගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ තායිවානය අතර ඕනෑම ආකාරයකින් සිදුවන හුවමාරු, නිල සංචාර යනාදී සියල්ලටම චීනය විරුද්ධ බව ද හෙතෙම කීය.

මෙම සංචාරයෙන් ‘තායිවාන නිදහසේ බලවේගවලට’ සහාය හිමිවන බවත් ඇමෙරිකාව සහ චීනය අතර සබඳතාවලට හානි සිදුවන බවත් වැන්ග් පැවැසීය.

‘‘තායිවානය සම්බන්ධ කරුණුවලදී එහි දැඩි සංවේදීතාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි අපි ඇමෙරිකාවට අවධාරණය කරනවා’’ යැයි වැන්ග් කීවේ ය. ‘‘මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලලා අපි ප්‍රතිචාර දක්නවා’’ ඔහු කීය.

කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.

පසුගිය කිහිපයේදී ඇමෙරිකාව සහ චීනය අතර සබඳතා නරක අතට හැරුණු අතර තායිවානය, වෙළෙඳාම, මානව හිමිකම්, කොරෝනා වයිරස වසංගතය ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් දෙරට අතර මතභේද ඇති විය.

තායිවාන ජනාධිපතිවරයා දරුණු බෙදුම්වාදියකු යැයි චීනය චෝදනා කරයි. තායිවානය දැනටමත් ස්වාධීන රටක් යැයි ද තායිවානයේ නිල නම චීන ජනරජය යැයි ද එරට ජනාධිපතිනිය ප්‍රකාශ කරයි.

රොයිටර්

055



අදහස් (0)

‘‘තායිවානයට ගිය ඇමෙරිකානු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site