තායිලන්තයේ වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද (13) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය දිනවල භූමිභෝල් රජු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කරනු ලැබ සිටි අතර මිය යන විට 88 වැනි වියේ පසුවිය.
මෙතෙක් ලොව වැඩිම කාලයක් රාජ්‍ය පාලනය ගෙන ගිය පුද්ගලයා ලෙස තායිලන්ත රජු ඉතිහාසයට එක්වෙයි. අසනීප තත්ත්වයෙන් සිටි භූමිභෝල් රජුට සෙත් පතමින් පසුගිය දිනවල රෝස පැහැයෙන් සැරසුණු එරට ජනතාව රජු ප්‍රතිකාර ලබමින් සිටි රෝහල අවට රැස්ව සිටියහ.
භූමිභෝල් රජු 1927 වසරේ දෙසැම්බර් 5 වැනිදා එක්සත් ජනපදයේ මැසචුසෙට් ජනපදයේ කේම්බ්‍රිජ් හි උපත ලබා ඇති අතර 1946 ඔහුගේ සොයුරු ආනන්ද මහිදෝල්ගෙන් පසු තායිලන්තයේ රජකමට පත්විය.
නවවැනි රාමා ලෙසින්ද තායිලන්ත රජු හැඳින්වුණු අතර චක්රී රාජ වංශයෙහි නව වැනි රජු ඔහු වීම ඊට හේතුවයි.
දරුවන් හය දෙනෙක් රජුට සිටි අතර තායිලන්ත වැසියන් ඔහු දේවත්වයේ ලා සැලකූ අතර සෑම වසරකම රජුගේ ජන්ම දිනය උත්සවශ්‍රීයෙන් සැමරීමට ද ඔවුහු කටයුතු කළහ.






COMMENTS
ලංකාවේ නම් මහනුවර යුගයෙන් පසුව රජ පරම්පරාවන් නැත්තටම නැතිවෙලා ගියා. (නි)
ඉහත පුවත අනුව නම් මේ රජානෝ රටේ දේපල පවුල් පිටින් එකතුවී හොරා කාපු කෙනෙක් නොව රටට ඇත්තටම ආදරේ කෙනෙක් බව පෙනෙනවා. එසේ නොමැතිනම් අවුරුදු අසුවක් රට පාලනය කරන්න නොදී ජනතාව රජාව කලින්ම ගෙදර යවනවා. (බ)
ලොවටම ඉතා දුක්බර පුවතක් (අ)
දිවංගත භූමිබෝල් අදුල්යදේජ් රජතුමාට නිවන් සැප ලැබේවා! එතුමා තායි ථෙරවාදී බුදුසසුනේ ආරක්ෂකයා ද විය. (හේ)
අවමංගල්‍ය පෙරහරට සුදු අලින්. (බ)
අනේ කුබින්නේ නුබටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ , ඒ නිසාවෙනි අප තැවෙන්නේ.. (ම)