තායිලන්තයේ උතුරුදිග තැම් ලුවෑන්ග් නැන්ග් නොන් ගුහා සංකීර්ණයේ සිරවී සිටින පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක දරුවන් 12දෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා තෙවැනි දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ. ගුහා දොරටුවේ තිබී පාපැදි, ක්‍රීඩා සපත්තු ඇතුළු ආම්පන්න හමුවීමෙන් පසුව සෙවුම් කටයුතු ආරම්භ කෙරිනි.
අවුරුදු 11ත්16ත් අතර වයසේ පසුවන මොවුන් පසුගිය සෙනසුරාදා(23) සවස්වරුවේ 25 හැවිරිදි පුහුණුකරුවාත් සමඟ ගුහාවට ඇතුළු වී ඇති බව පැවසේ.
ගුහා දොරටුවේ ජල මට්ටම ඉහල ගිය හෙයින් නාවුක කිමිදුම්කරුවන් යොදා ගැනීමට ද සිදුවී ඇත. ගුහාව තුළ මෑතකදී තබනු ලැබූ අඩි සලකුණු දක්නට ලැබීමත් සමග දරුවන් සොයාගැනීමේ බලාපොරොත්තු ඉහල ගිය බව පැවසේ.
සංචාරක ආකර්ෂනීය ස්ථානයක් වන මෙම ගුහාව පොළව යට කිලෝමීටර් 06ක් පමණ දුරට විහිදෙන බව මාධ්‍ය වාර්තා කර ඇත. දරුවන් මෙම ගුහාවේ ඇතුළු කුටීරයක සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd