තායිලන්තයේ දකුණු දිග යාලේ පළාතේ ආරක්ෂක මුරපොළකට එල්ල කරන ලද ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර පොලිස් නිලධාරියෙකු ද ග්‍රාමීය ආරක්ෂක ස්වෙච්ඡා සේවකයින් ද සිටිති.
මෙය පසුගිය වසර තුළ තායිලන්තයේ සිදු වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සඳහන් වේ.
සිද්ධියෙන් හතර දෙනකු තුවාල ලබා ඇති අතර බෙදුම්වාදීන් බවට සැකකරන පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර ඇතැයි බලධාරීහු පවසති.
පහරදුන් අය පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි හෙළවී ඇත.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සම්බන්ධව හෝ ඔවුන්ගේ අරමුණ සම්බන්ධව පැහැදිලි තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
තායිලන්තයේ දකුණු දිග ඇතිවූ බෙදුම්වාදී කැරැල්ලක් හේතුවෙන් 2004 වර්ෂයේදී දහස් ගණන් පිරිස් මියගොස් තිබේ.
(බීබීසි ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්තයේ ආරක්ෂක මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 15 ක් මරුට