IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තමිල්නාඩු මහ ඇමැති බසයකට ගොඩවෙලා

ජනතාව හමුවී ජනතාව මුහුණ දෙන ගැටලු විමසා බැලිය යුතුයි පවසමින්, තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලිං චෙන්නායි නුවර ධාවනය වෙමින් තිබූ බස් රථයකට ගොඩවිය.

ස්ටාලිං ප්‍රමුඛ ඔහුගේ ඩී.එම්.කේ පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව ඡන්ද පොරොන්දුවක් ඉටු ක‍ෙළේය. ඒ, කාන්තාවන්ට නොමිලේ බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දෙමිනි. මහ ඇමැතිවරයා බසයට ගොඩ වූයේ එම කටයුතු ඒ අයුරින් සිදුවෙනවා ද යන්න සොයා බැලීමටය.

මහ ඇමැතිවරයා බසයේ සිටි කාන්තාවන් සමඟ සුහඳව කතාබහ කරමින්, ඔවුන්ට ඇති ගැටලු විමසා බැලීමට අමතක නොකළේය. මේ වනවිට තමිල්නාඩුවෙන් යළි 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත. එම නිසා බස් රථවල ගමන් කිරීමට අවසර හිමිවී ඇත්තේ සීමිත ප්‍රමාණයකට පමණි.

මහ ඇමැතිවරයා බස් රියට ගොඩවෙද්දී, සමාජ දුරස්ථභාවය අමතක කර එහි සිටි කාන්තාවන් ඔහු වටා රොක් වුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බසයේ සිටි කාන්තාවෝ මහ ඇමැතිවරයා සමඟ ඡායාරූප ගැනීමට ද අමතක නොකළාහ.

මහ ඇමැතිවරයා බස් රථයට ගොඩවෙද්දී, බස් රථයේ සිටි සියලු දෙනා මහත් සේ පුදුමයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. කෙසේ නමුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ එය පුදුමයට කරුණක් නොවන බවත්, මහ ඇමැතිවරයා කැමරා කණ්ඩායමක් ද සමඟ බස් රථයට ගොඩවීම මාධ්‍ය සංදර්ශනයක් බවත්ය.

චෙන්නායි අගනුවර එන්නත්කරණ කටයුතු නොකඩවා පැවැත්වෙන අතර, එන්නත් මධ්‍යස්ථාන කීපයක් වෙත ගොස් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට ද මහ ඇමැති ස්ටාලිං කටයුතු කළේය. ඉන්දියාව මේ වනවිට එරට ජනගහනයෙන් බිලියනයකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන්ය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (1)

තමිල්නාඩු මහ ඇමැති බසයකට ගොඩවෙලා

fairoos Monday, 25 October 2021 01:50 PM

ඉන්දියාවේ ,ලංකාවේ කියලා වේ වෙනසක් නැහැ .ඔක්කොම මාධ්‍ය සංදර්ශාන තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site