ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත් කිරිමට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත 16 ක් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළබී තිබෙන බව විදෙස් මාධ්‍ය කරයි.

ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් බැඳීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකි. මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිමට ට්‍රම්ප් මහතා පසුගියදා ඇමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

මෙයට අදාළ නඩුව ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයේ පවරා තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ජනාධිපති බලතල අවභාවිතා කිරිම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළැඹුණු බව කැලිෆෝනියා නීතිපතිවරයා පැවසීය.

බීබීසි ඇසුරෙනි

(28535)