IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටියුනීසියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරැඹේ

ටියුනීසියානු  මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (6) ආරම්භ වූ අතර 2011 වසරේ එරට සිදු වූ දේශපාලන වෙනස්වීම්වලින් පසුව පැවැත්වෙන තෙවැනි වටයේ ව්‍යවස්ථාදායක මැතිවරණය මෙය වේ.
 
ඡන්ද විමසීම අද (6) පස්වරු 6ට අවසන් වේ.

 2011 වසරේදී මැද පෙරදිග කලාපයේ රටවල් හයකට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වූ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාර ආරම්භ වූයේ ටියුනීසියාවෙනි. ඒකාධිපති පාලන තන්ත්‍රවලට සහ ආණ්ඩුවලට විරුද්ධව පැවැත්වුණු එම විරෝධතා ව්‍යාපාරය අරාබි වසන්තය නමින් හැඳින්විණි. ටියුනීසියාවේ ඇති වූ එම විරෝධතා ව්‍යාපාරය සහ එම කාලයේදී එරට සිදුවූ දේශපාලනික වෙනස්කම් ‘ටියුනීසියානු විප්ලවය’ නමින් හැඳින්වේ.

 එම දේශපාලනික වෙනස්කම්වලින් පසු එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කෙරුණු අතර මැතිවරණ ද පැවැත්විණි. මෙවර මැතිවරණය සඳහා මිලියන 7ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

ටියුනීසියානු මහ මැතිවරණය පැවැත්වෙනුයේ එරට ජනාධිපතිවරණයේ පළමු වටය පවත්වා සති දෙකකට පසුවය. ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ යම් පසුබැසීමකට ලක්ව තිබෙන අතර ස්වාධීන අපේක්ෂයන් ඉදිරියට පැමිණ ඇතැයි පැවසේ. මහ මැතිවරණයේදී ද එම තත්ත්වය දක්නට ලැබෙනු ඇතැයි කියැවේ.  ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

 ටියුනීසියානු පාර්ලිමේන්තුව ආසන 217කින් සමන්විත අතර එම ආසන සංඛ්‍යාව සඳහා අපේක්ෂකයෝ 15,000ක් ඉදිරිපත්ව සිටිති. වත්මන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක බලය තිබෙන්නේ එන්නඩා දේශපාලන පක්ෂය සතුවය. ඉස්ලාමීය පක්ෂයක් වන එන්නඩා පක්ෂය මෙවර මහ මැතිවරණයේදී මධ්‍යස්ථ නිඩා ටූන්ස් පක්ෂය සමඟ සන්ධාන ගත වී සිටී.

 ටියුනීසියාව මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.  විරැකියාව ඉහළ ගොස් තිබෙන අතර රාජ්‍ය සේවා කඩා වැටී ඇත. මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය නිසා රටතුළ ඉච්ඡාභංගත්වයක් නිර්මාණය වී තිබේ. සැප්තැම්බර් 15 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ පළමු වටයේදී පාලක දේශපාලන පන්තිය එසේත් නැතිනම් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කෙරුණු අපේක්ෂකයන්ගේ පසුබෑමට එම ඉච්ඡාභංගත්වයක් ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

ඒ.එෆ්.පී.  

(055)



අදහස් (0)

ටියුනීසියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site