රුසියාවට නව සම්බාධක පැනැවීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සත් තැබීය.
එම සම්බාධක පැනැවීමත් සමඟ ඇමෙරිකාවේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 10 දෙනකු එරටින් නෙරපා දැමීමට ද ඇමෙරිකන් රජය පියවර ගත් බව වාර්තා වේ.
ජෝ බයිඩන්, රුසියාවට මෙසේ සම්බාධක පැනැවීමක් කළේ, පසුගිය 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියන් පරිගණක හැකර්වරුන් උත්සාහ ගත්තේ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ කළ අනාවරණයෙන් පසුවය.
‘රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ඇමෙරිකාවට අවශ්‍යයි. ඒත් රුසියාව වැරදි දෙයක් කරන්නේ නම්, ඊට එරෙහි වීමටත්, විරෝධය පළ කිරීමටත් ඇමෙරිකාව පසුබට වන්නේ නැහැ. සම්බාධක පැනැවීමක් කළේ ඒ අනුවයි’ යැයි ධවල මන්දිරය පවසා ඇත.
පසුගිය අප්‍රේල් 13 වැනිදා ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී ද තමන් රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කිරීමට බලාාපාරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා තිබේ. එම දුරකතන සංවාදය ඉතා සුහඳශීලී එකක් වුණු බව ධවල මන්දිරය පවසා තිබුණි.
වොෂින්ටනයේදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
434
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෝ බයිඩන්ගෙන් රුසියාවට සම්බාධක