ජර්මනියේ බැවේරියන් නගරයෙන්, 1770වසරේදී පොසිල විද්‍යාඥයින් පිරිසක් සොයාගන්නා ලද කිඹුල් පොසිලය ජුරාසික් අවධියට අයත් බවට මෑතකදී කළ අධ්‍යයනයකින් සොයාගෙන ඇත.
මීට වසර මිලියන 180කට පමණ පෙර පෘථිවියේ ජීවත් වූ බව සැලකෙන මෙම කිඹුලන් නූතනයේ වෙසෙන කිඹුලන්ට වඩා දිගු හොඹු සහිත අය බව විද්‍යාඥයෝ පවසති.
මොවුන් මසුන් ගොඳුරු කරගනිමින් උණුසුම් මුහුදුතීරවල වාසය කරන්නට ඇති කිඹුලන් බව හඳුනාගෙන ඇත.
ඇමරිකාවෙන් මීට ඉහතදී හමුවූ පොසිලයද සමඟ අධ්‍යයනය කරමින් විද්‍යාඥයින් මෙම පොසිලය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරමින් පවතී.
(ඩේලි මේල් ඇසුරිනි)
16844

COMMENTS