ජෝර්දානයට බලපෑ ඇති ජල ගැලීම් සමඟ විනෝද චාරිකාවකට එක්ව සිටි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ජල පහරකට හසුවීමෙන් එහි ගමන් ගත් 18 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 37 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු සිටි ඇත.
බස්රථයේ ගමන් ගත් 34 දෙනෙකු මුදා ගත් බවත් අතුරුදන් වු පුද්ගලයන් සොයා ජිවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ජෝර්දානයේ ඉල්ලීම අනුව හෙලිකොප්ටර් යානා ද යොදා ඇති බව ඊශ්‍රායලය පවසයි.
(28535)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.