ට්බිලිසිහිදීය (රොයිටර්)
පාලක පක්ෂයේ නායකයා සමඟ ඇති වූ මතභේදයක් හේතු කරගනිමින් ජෝර්ජියාවේ අගමැති ජෝර්ජි කවිරිකාෂ්විලි අද (14) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
සෝවියට් ජනරජයක්ව පැවැති රටක් වන ජෝර්ජියාවේ පාලක පක්ෂයේ නායකයා වන්නේ එරට ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බිද්සිනා අයිවනිෂ්විලිය. ධුරයෙන් ඉල්ලා අස්වූ අගමැති ජෝර්ජි කවිරි කවිරිකාෂ්විලද එම පක්ෂයේ සාමාජිකයෙකි.
“අපිත් පක්ෂයේ නායකයත් අතර අර්බුද කිහිපයක් ඇති වුණා. අලුත් කැබිනට් මණ්ඩලයක් සඳහා පක්ෂයේ නායකයාට ඉඩ ලබාදීමට සුදුසුම අවස්ථාව මෙය යැයි මම හිතනවා” ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජෝර්ජි කවිරිකාෂ්විලි පැවැසීය.
හෙතෙම 2015 වසරේ සිට ජෝර්ජියාවේ අගමැතිධුරය හෙබවීය. ජෝර්ජියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා සමඟ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය කෙසේ වෙතත් රටගැන හිතලා ලංකාවේ අගමැටි තනතුරෙන් ඉල්ලා අස්වැන්නේ කවදාද. ලුසේනා