චීන හිමිකාරිත්වය දරණ ලොව ජනප්‍රිය ටික්ටොක් ජංගම දුරකථන යෙදුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් දැයි සොයා බැලීම සඳහා අමෙරිකාව බුද්ධි අංශ පරීක්ෂණයක් ඉල්ලයි.
ටික්ටොක් යෙදුම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එරට ජාතික බුද්ධි අංශ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් අමෙරිකාවේ සෙනට් සභිකයින් දෙදෙනෙකු වන චක් ශුමර් සහ ටොම් කොට්න් යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇත.
මෙම යෙදුමෙන් අමෙරිකාවට විදේශීය බලපෑම් ඇතිවිය හැකි යැයි ඔවුන් පෙන්වා දී තිබේ.
අමෙරිකාවේ පරිශීලකයින් මිලියන 110 කට වැඩි පිරිසක් විසින් භාගත කරගෙන ඇති ටික්ටොක් යෙදුම මගින් ප්‍රතිබුද්ධි තර්ජනයක් ඇති විය හැකිය යන්න නොසලකා හැරිය නොහැකි යැයි ශුමර් සඳහන් කරයි.
අමෙරිකානු පරිශීලකයින්ගේ සංවේදී දත්ත ගබඩා කර ඇති ස්ථාන පිළිබඳ විමර්ශනය කරන ලෙස ද මෙම සෙනෙට් සභිකයෝ විමර්ශකයින්ගෙන් ඉල්ලා සිටිති.
(රොයිටර් ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd