චිලී රාජ්‍යයේ සන්තියාගෝහි දෙවන දිනටත් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කලහකාරී ක්‍රියා හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සුපිරි වෙළඳසැලක ඇතිවූ ගින්නකින් මොවුන් මියගොස් ඇති බවයි.

කලහකාරී ක්‍රියා කළ 300දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ 156දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් වේ. සාමාන්‍ය වැසියන් 11දෙනකු ද තුවාල ලබා ඇත.

නාගරික ගාස්තු අධික ලෙස ඉහළයෑම හේතුවෙන් විරෝධතා ආරම්භවූ අතර ජනපති සෙබස්තියන් පිනේරා මහතා ගාස්තු වැඩිකිරීම තහනම් කළද එම නිවේදනය නොසලකා විරෝධතා දිගින් දගටම පැවැත්විණ.   

රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රාත්‍රී ඇඳිරි නීතිය ද පනවා ඇත.

විරෝධතාකරුවන් මැඩපැවැත්වීම සඳහා  හමුදා කණ්ඩායම් හා යුධ ටැංකි ද යොදවා ඇති බව පැවසේ.
 
(බීබීසී ඇසුරිණි - 085)