IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


චීන-තායිවාන සබඳතා අලුත්වෙයි

තායිපේහිදීය (රොයිටර්)
 
ඓතිහාසික අමනාපකම් ඉවතලා චීනය හා තායිවානය අතර නව සබඳතා ආරම්භ කිරීමට කාලය උදා වී ඇතැයි තායිවාන ජනාධිපති ත්සායි ඉන් වෙන් පවසයි. 
 
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය ෂී ජින්පින්ග් ඉදිරි වසර පහක කාලයට  නැවත වරක් එරට ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු හා එරට නව නායකත්ව මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුවරට අදහස් දක්වමින් තායිවාන ජනාධිපතිනිය ඒ බව කීවාය.
 
පසුගිය වසරේදී ත්සායි ඉන් වෙන්ගේ නායකත්වයෙන් යුතු ඩිමොක්‍රටික් ප්‍රෝග්‍රෙසිව් පක්ෂයට බලයට පත්වීමත් ඇය ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ චීන තායිවාන සබඳතා තවදුරටත් පළුදු විය. 
 
චීනය තායිවානයේ පෙර පැවැති ආණ්ඩුව සමඟ තරමක මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ත්සායි ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ එය අනෙක් පැත්ත හැරිණි. ත්සායි බලයට පත්වීමත් සමඟ තායිවානයට යන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ.
 
“වෙනසකට කාලය උදා වී තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ තියෙන අමනාපකම්, නෝක්කාඩු නවතා දම දෙපාර්ශයේම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එකතුවීමට කාලය උදා වෙලා. සටන් වැදීම් සහ ගැටුම් සදහටම නවතා දැමිය යුතු” යැයි ද තායිවාන ජනාධිපතිනිය කීවාය. 
 
ෂී ජින්පින්ග් චීනයේ ජනාධිපතිවරයා ලෙස නැවත පත්වීම සම්බන්ධයෙන් තායිවාන ජනාධිපතිනිය විශේෂයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ නමුත්, චීනය කෙරෙහි තායිවානයේ තිබෙන හොඳ හිත කිසිවිටකත් වෙනස් නොවන බවත් තායිවානය කිසි ලෙසකින් වත් චීනයට පීඩනයක් එල්ල නොකරන බවත් ත්සායි අවධාරණය කළාය. 
තායිවානය තමන්ගේ රටේ කොටසක් යැයි චීනය සලකන අතර තමන් ස්වාධීන හා නිදහස් රටක් යැයි තායිවානය නිරන්තරයෙන් ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් දශක කිහිපයක් තිස්සේ දෙපාර්ශවය අතර මත ගැටුම් පවතියි. එපමණක් නොව චීනයේ, ‘එක් චීනයක’ ප්‍රතිපත්තිය හේතුවෙන් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් 30කටත් අඩු සංඛ්‍යාවක් පමණි. 
 
055



අදහස් (2)

චීන-තායිවාන සබඳතා අලුත්වෙයි

bamunu Sunday, 29 October 2017 01:40 PM

අනේ හොඳයි. 1958 කාලේ සිට පෝමොසාව හෙවත් තායිවානයට චීනය කොපමණ ෂෙල් වෙඩි දැම්මද? කොහොමත් තායිවානය චීනයට යට වුණේ නැත.

:       0       0

ධනුෂ්කTuesday, 31 October 2017 02:20 AM

පෝමෝසාව යට වුනේ නෑ නමේ චීනය යට කෙලේ නෑ. හැබැයි යට කරලා චප්ප කරලා දාන්න තිබුනා. දැන් තායිවානයේ ඉන්නේ ඉස්සර චීනෙට නැගිටින්න නොදි සමාජ, අාර්ථික වශයෙන් චීනය එක තැන පල් කරපු පාලක පැලැන්තිය. හරියට දැන් ලංකාවේ ඉන්න නඩය වගේ. මාවෝ සේතුං චීන විප්ලවය තුළින් හා සංස්කෟතික විප්ලවය තුළින් මොවුන් තායිවානයට පලවා හැරියා. එහෙමයි චීනය ගොඩ නැගුවේ. නැත්තම් මොවුන් තාමත් චීන ජනතාවගේ හා රටේ සාරය උරා බොනවා දැන් ලංකාවේ වගේ

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site