වෙළඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගෙන චීනය හා එංගලන්තයේ ලන්ඩන් නුවර අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයක් අරඹන බව චීනය කියයි.


චීනය හා සමහර යුරෝපීය රටවල් අතර දැනටමත් මේ සේවය සිදුවෙයි.සැතපුම් 12000ක දුරක් යාම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වෙන බව බලධාරීහු කියති.


මේ සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට වඩා අඩු මුදලක් වැය වන අතර නැව්වලට වඩා වේගවත් ය.
“නව සේද මාවත“ ලෙස හඳුන්වන මෙම දුම්රිය සේවයට එක්වන 15 වැනි යුරෝප නගරය ලන්ඩනයයි.
මෙම දුම්රිය කසකස්තානය, රුසියාව, බෙලරුසියාව, පොලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප්‍රංශය හරහා ලන්ඩනයේ  බාකිං දුම්රියපොළ වෙත ගමන් කරයි.

d

Untitled-1

(ඡායාරූප-ගෙටී ඉමේජස්)