IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චීනයේ බන්ධනාගාර රැසකින් කොරෝනා ආසාධිතයන් 500 ක් හඳුනාගනී

චීනයේ පුරා තිබෙන බන්ධනාගාර රැසකින් නව කොරෝනා ආසාදිතයන් 500කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි එරට බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ.

චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මෙම මාරාන්තික නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.

කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 2,236ක් වන අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 75,685ක් වේ. කොරෝනා වයිරසය ආසාදනය වූ 20,000ක් පමණ මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇතැයි ද චීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

බ්‍රහස්පතින්දා වනවිට රට පුරා පිහිටි විවිධ බන්ධනාගාර වලින් කොරෝනා ආසාදිතයන් 271 දෙනකු පිළිබඳ වාර්තා වූ බවත් මීට පෙර චීනයේ විවිධ පළාත්වල පිහිටි බන්ධනාගාර වලින් සිදුවීම් 220ක් වාර්තා වී තිබූ බවත් චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

වූහාන් නගරයේ පිහිටි කාන්තා බන්ධනාගාරයෙන් පමණක් කොරෝනා ආසාදනයවූවන් පිළිබඳ සිදුවීම් 230ක් වාර්තා වූයේ යැයි එම ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයට අයත් හුබෙයි ඩේලි පුවත්පත වාර්තා කර තිබිණි. අනෙකුත් ආසාදිතයන් 41 දෙනා පිළිබඳ වාර්තා වී ඇත්තේ ශයන්ග් ප්‍රදේශයෙනි.

චීනයේ ෂන්ඩොන්ග් පළාතේ රෙන්චෙන්ග් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 200 දෙනකු හඳුනාගත් බවත් එම බන්ධනාගාරයේම ආරක්ෂකයන් හත් දෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් පළාත් සෞඛ්‍ය කොමිසමේ බලධාරීහු මාධ්‍ය හමුවක් පවත්වමින් කීහ.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (0)

චීනයේ බන්ධනාගාර රැසකින් කොරෝනා ආසාධිතයන් 500 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site