IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනයේ ’ඩෙල්ටා’ පැතිරෙනවා

නැගෙනහිර චීනයේ නැංජින් නගරයේ ගුවන්තොටුපොළ මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරද්දී, 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය ආසාදනය වූ පුද්ගලයන් හමුවීමත් සමඟ, නැංජින් නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කර, නගරයේ සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය 28 වැනිදා වනවිට චීනයෙන් 'කොවිඩ් 19' නව ආසාදිතයන් 49 දෙනකු වාර්තා වූ අතර, ඔවුන්ගෙන් 24 දෙනකු දේශීයව හඳුනාගත් ආසාදිතයන්ය. ඒ අනුව, නව ආසාදිතයන් පොකුර 175 තෙක් ඉහළ ගිය බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව පොකුරට අයත් වැඩි දෙනා 'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වූවන් බවය.

මේ වනවිට 'ඩෙල්ටා' විකෘතිය චීනයේ ප්‍රාන්ත 3 කට පැතිර ගොස් ඇතැයි ද චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසා ඇත.
චීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව 'ඩෙල්ටා' විකෘතිය විදේශයක සිට පැමිණි චීන ජාතිකයකු හරහා නැංජින් නගරයට ඇතුළු වී තිබේ. ඩෙල්ටා පොකුර වර්ධනය වීමට ඉඩ නොදී පාලනය කර ගැනීම පියවර ගන්නා බව චීන සෞඛ්‍ය අංශ පවසා ඇති අතර, නගර සහ ප්‍රාන්ත මට්ටමින් පුළුල් ලෙස ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, දින 179 කට පසු චීනයේ බෙයිජිං අගනුවරින් ද යළි ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇතැයි ද චීන සෞඛ්‍ය අංශ පවසයි. එසේ හමුවී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වූවන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. බෙයිජීං නගරයේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගත් බවත්, ආසාදිතයන් හමුවුණු දිස්ත්‍රික්ක වසා දමා ආසාදිතයන් හඳුනා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත.

'කොවිඩ් 19' වයිරසයේ ව්‍යාප්තිය සිදුවූයේ 2019 දෙසැම්බරයේ චීනයෙනි. සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී, ඉන්පසු මිනිසුන් අතරේ පැතිරෙන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා ලෙස 'කොවිඩ් 19' වයිරසය හඳුනාගෙන ඇති නමුත්, 'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය තවමත් ලොව අබිරහසකි.

'ඩෙල්ටා' යන නමින් හැඳින්වෙන 'කොවිඩ් 19' විකෘති වයිරසයේ ආරම්භය සිදුවූයේ ඉන්දියාවෙනි. 'ඩෙල්ටා' යනු දෙමුහුම් කොරෝනා විකෘතියක් වන අතර අද ලොව ප්‍රධානතම කොරෝනා විකෘති ප්‍රභේදය බවට 'ඩෙල්ටා' පත්වී තිබේ. සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, සෙසු විකෘති කොරෝනා වයිරස ප්‍රභේදවලටත් වඩා 'ඩෙල්ටා' දරුණු වන අතර, එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි. 'ඩෙල්ටා' විකෘතිය එන්නත්වලින් පවා මට්ටු කළ නොහැකි බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ ’ඩෙල්ටා’ පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 76 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 937 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site