හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ කොලොම්බියානු ජාතික කුලී හේවායන් කණ්ඩායමක් බවත් හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකු ද ඊට සම්බන්ධ බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් පවසා තිබේ.
කුලී හේවායන් කණ්ඩායමට අයත් 28 දෙනකු මේ වනවිට හයිටි පොලිසිය විසින් අත්අඩංගුවට ලැබ ඇත. තවත් සැකකටයුතු කිහිප දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත.
අත්අඩංගුවේ පසුවන කොලොම්බියානුවන්ගෙන් 13 දෙනකු හමුදාවේ සේවය කර ඇතැයි ද පොලිසිය කියයි. අත්අඩංගුවේ පසුවන පිරිස සතුව තිබී අති නවීන ගිනි අවි ද අත්අඩංගුවට ගත් බව පොලිස්පති ලියොන් චාල්ස් වැඩි දුරටත් පවසයි.
මේ අතර හයිටි ජනාධිපතිවරයා සමඟ සිට වෙඩි වැදී තුවාල ලැබූ ජනාධිපති ආර්යාව මාටීන්ගේ තත්ත්වය යහපත් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජනපති නිවසට කඩා වැදුණු තුවක්කුකරුවන් ඉවක් බවක් නැතිව තම සැමියාටත් තමන්ටත් වෙඩි තැබූ බව ඇය පවසා තිබේ.
ජනාධිපති ආර්යාව මාටීන්ගේ ප්‍රතිකාර ලබන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රෝහලකය. ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි කුලීහේවායන් කිසිවකු ජනපති ආරක්ෂක නිලධාරීන් කිසිවකුටවත් අනතුරක් කර නැති බව පොලිසිය පවසයි.
ජනපති ආරක්ෂක අංශ ප්‍රධානී දිමිත්‍රි හෙරාඩ් මීට සති කීපයකට පෙර කොලොම්බියාවේ සංචාරය කර ඇත. එපමණක් නොව, දිමිත්‍රි හෙරාඩ් ආයුධ ජාවාරම්කරුවකු යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ චෝදනා කර තිබේ.
පෝට් ඕ ප්‍රින්ක්ස් (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඝාතකයන්ගේ තොරතුරු එළියට