මෝර්ෆීන් වලටත් වඩා ප‍්‍රබල වේදනානාශකයක් ගොළුබෙල්ලන්ගේ විෂ ඇසුරින් නිපදවීමට ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
මෙම වේදනා නාශකය කුමන ආකාරයේ වේදනා නාශක ගත්තද දිගින් දිගටම වේදනා විදින රෝගීන්හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇතැයි ඔවුහු කියති.
මෙම සොයාගැනීම පදනම් වූ නව ඖෂධ වර්ගද නිපදවීමේ හැකියාව ඇතැයිද ඔවුහු පෙන්වාදෙති.
නව වේදනා නාශකයේ විශේෂත්වයක් වනුයේ එය මුඛයෙන් ගිලින පෙත්තක වුවද අඩංගු කළ හැකිවීමයි.මෝර්ෆීන් වැනි දැනට භාවිතයේ ඇති වේදනානාශක බොහෝමයක් සිරුරට එන්නත් කර ලබා දිය යුතු ඒවා වේ.
ඉදිරියේදී තවත් පරීක්ෂණ සිදුකර වැඩිදුර තොරතුරු හෙළි කරන බව විද්‍යාඥ පිරිස කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් යුරෝපය ඇතුළු බොහොමයක් රටවල්වල අය ගොළුබෙල්ලන් කෑමට ගන්න නිසා ඒ අයට වේදනා නාශක අවශ්‍ය නැතුව ඇති. (නදී)
හූනන්ට වගේම අපේ රටේ ගොලු බෙල්ලන්ට නරක කාලයක් වෙයිද මේ සොයා ගෑනීම.(නදී)
මේ බෙහෙත හොයාගෙන තියෙන්නේ ලංකාවේ පාරම්පරික වෛද්‍යවරු. මන්ස්සයෙක් ගසකින් වැටුනොත් මුලින්ම දෙන්නේ ගස් ගොළු බෙලි ඉස්ම. ඇයි අපේ දේශීය වෙද්‍යවරු මේවා ගැන පර්යේෂන කරන්නේ නැත්තේ.(නදී)
ගොළු බෙලි කටු නෙමෙයි ඉස්ම. ගොළුබෙල්ලා ගසෙන් ගලවලා ගත්තම කටෙන් එන ඉස්ම.(නදී)
මේක හොයන් තියෙන්නේ ඕස්ටේ‍්‍රලියාවෙන්, ලංකාවෙන් නෙවෙයි. කලබල වෙන්න එපා.(නදී)
ගොලුබෙලි වේදනා නාශකය සොයා ගත්තේ ඕස්ටේ‍්‍රලියානුවන් නොව අපේ රටේ වෙදදුරන් දත් කැක්කුමටය.(නදී) . .
සිංහළ වෙදවරු දත් කැක්කුමට මෙය මීට පෙර භාවිතා කළා.(නදී)
මේවා දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල්. කවුරුත් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්නේ නැහැ. බලන්න අපේ රටේ සරුවට වැවෙන කංසා පැලෑටියට මොකද කරන්නේ කියලා. නිකම්ම ගිනි තියලා දානවා.(දිල්)
අවාසනාවකට ලංකාවේ බටහිර වෙද්දු සහ සිංහල වෙද්දු දෙපිලක. සුද්දෝ වැඩ දානවා , ඒවා බටහිර වෙද්දු බැදගන්නවා.(නදී)
බටහිර වෙද්දු නැතිනම් අපි මෙලහට මළවුන් අතරට ගිහින් ගොඩක් කල් .(ත)