IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ගොළුබෙලි වේදනා නාශකයක් එයි

මෝර්ෆීන් වලටත් වඩා ප‍්‍රබල වේදනානාශකයක් ගොළුබෙල්ලන්ගේ විෂ ඇසුරින් නිපදවීමට  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

මෙම වේදනා නාශකය කුමන ආකාරයේ වේදනා නාශක ගත්තද දිගින් දිගටම වේදනා විදින රෝගීන්හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇතැයි ඔවුහු කියති.

මෙම සොයාගැනීම පදනම් වූ නව ඖෂධ වර්ගද නිපදවීමේ හැකියාව ඇතැයිද ඔවුහු පෙන්වාදෙති.

නව වේදනා නාශකයේ විශේෂත්වයක් වනුයේ එය මුඛයෙන් ගිලින පෙත්තක වුවද අඩංගු කළ හැකිවීමයි.මෝර්ෆීන් වැනි දැනට භාවිතයේ ඇති වේදනානාශක බොහෝමයක් සිරුරට එන්නත් කර ලබා දිය යුතු ඒවා වේ.

ඉදිරියේදී තවත් පරීක්ෂණ සිදුකර වැඩිදුර තොරතුරු හෙළි කරන බව විද්‍යාඥ පිරිස කියති.

 



අදහස් (0)

ගොළුබෙලි වේදනා නාශකයක් එයි

ආනන්ද Tuesday, 18 March 2014 07:52 PM

එහෙනම් යුරෝපය ඇතුළු බොහොමයක් රටවල්වල අය ගොළුබෙල්ලන් කෑමට ගන්න නිසා ඒ අයට වේදනා නාශක අවශ්‍ය නැතුව ඇති. (නදී)

:       0       0

සාලිය රුවන් Tuesday, 18 March 2014 08:28 PM

හූනන්ට වගේම අපේ රටේ ගොලු බෙල්ලන්ට නරක කාලයක් වෙයිද මේ සොයා ගෑනීම.(නදී)

:       0       0

කමල් එම් ගමගේ Saturday, 22 March 2014 08:17 PM

මේ බෙහෙත හොයාගෙන තියෙන්නේ ලංකාවේ පාරම්පරික වෛද්‍යවරු. මන්ස්සයෙක් ගසකින් වැටුනොත් මුලින්ම දෙන්නේ ගස් ගොළු බෙලි ඉස්ම. ඇයි අපේ දේශීය වෙද්‍යවරු මේවා ගැන පර්යේෂන කරන්නේ නැත්තේ.(නදී)

:       0       0

කමල් එම් ගමගේ Saturday, 22 March 2014 08:30 PM

ගොළු බෙලි කටු නෙමෙයි ඉස්ම. ගොළුබෙල්ලා ගසෙන් ගලවලා ගත්තම කටෙන් එන ඉස්ම.(නදී)

:       0       0

තිලා Wednesday, 19 March 2014 07:45 AM

මේක හොයන් තියෙන්නේ ඕස්ටේ‍්‍රලියාවෙන්, ලංකාවෙන් නෙවෙයි. කලබල වෙන්න එපා.(නදී)

:       0       0

දර්ශන Wednesday, 19 March 2014 09:05 AM

ගොලුබෙලි වේදනා නාශකය සොයා ගත්තේ ඕස්ටේ‍්‍රලියානුවන් නොව අපේ රටේ වෙදදුරන් දත් කැක්කුමටය.(නදී) . .

:       0       0

බංඩාර Wednesday, 19 March 2014 09:23 AM

සිංහළ වෙදවරු දත් කැක්කුමට මෙය මීට පෙර භාවිතා කළා.(නදී)

:       0       0

ධම්ම Wednesday, 19 March 2014 10:26 AM

මේවා දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල්. කවුරුත් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්නේ නැහැ. බලන්න අපේ රටේ සරුවට වැවෙන කංසා පැලෑටියට මොකද කරන්නේ කියලා. නිකම්ම ගිනි තියලා දානවා.(දිල්)

:       0       0

සරත් Wednesday, 19 March 2014 01:22 PM

අවාසනාවකට ලංකාවේ බටහිර වෙද්දු සහ සිංහල වෙද්දු දෙපිලක. සුද්දෝ වැඩ දානවා , ඒවා බටහිර වෙද්දු බැදගන්නවා.(නදී)

:       0       0

සේරම් Thursday, 20 March 2014 01:07 PM

බටහිර වෙද්දු නැතිනම් අපි මෙලහට මළවුන් අතරට ගිහින් ගොඩක් කල් .(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site