ග්වාතමාලාවේ බන්ධනාගාරයක සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියන් හත්දෙනකු පමණ මියගොස් 17 දෙනකු පමණ තුවාල ලබා ඇත.

අගනුවර වන ග්වාතමාලා නගරය ආසන්නයේ පාවොන් බන්ධනාගාරයනේ මෙම සිද්ධිය වාර්තා වන අතර ඇතිවූ කළහකාරී ක්‍රියා මර්දනය කිරීම සඳහා 1500ක පමණ භට පිරිස් කැඳවා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

රැඳවියන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ගැටුම් ආරම්භ වී ඇතැයි බලධාරීහු පවසති.

1970 වර්සයේ ඉදිකර ඇති මෙම බන්ධනාගාරය පහසුකම් ඇත්තේ රැඳවියන් 1000කට පමණක් වුවත් මේවන විට එහි 4000ක පමණ පිරිසක් රඳවා ඇති බවද පැවසේ.

(බීබිසි ඇසුරිණි - 085)