IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස

ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩංගුවට පත් තම නීතීඥවරුන් සිවුදෙනා නිදහස් කිරීමට ලිබියා රජය තීරණය කළ බව  ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරයි. මෙම නීතීඥවරුන් සිවු දෙනා ලිබියා රජයේ අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 7 වැනිදාය. නීතීඥ කණ්ඩායමේ නායිකාව වන්නේ මෙලින්ඩා ටේලර් නමැති  ඕස්ටේ‍්‍රලියා ජාතික නීතීඥවරියයි. නීතීඥයන් සිවුදෙනා ලිබියාවට පැමිණ ඇත්තේ ලිබියා රජයේ අත්අඩංගුවේ පසුවන ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් හමුවීමටය. ඔවුන් ලිබියාවේ බටහිරින් පිහිටි සින්ටානා නගරයට ගොස් ඇත. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ලිබියාවෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලා ගැනීමෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් රඳවා තැබෙන්නේ සින්ටානා නගරයේය. නීතීඥ කණ්ඩාම සින්ටානා බන්ධනාගාරයේ දී සෙයිෆ් අල් ඉස්ලාම් හමුවූ අවස්ථාවේදී මෙලින්ඩා ටේලර් ලිබියා රජයේ අනුදැනුමකින් තොරව අල් ඉස්ලාම් කිසියම් ලියකියවිලි වගයක් දීමට උත්සාහ කර ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඇයත් ඇගේ සගයන් තිදෙනාත් අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදී නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියා සිටියේ ඔවුන්ගේ නීතීඥ කණ්ඩායම සම්බන්ධයෙන් ලිබියා රජය එල්ල කරන චෝදනා ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවටය. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆිගෙන් පසු රටේ බලය හිමිවීමට නියමිතව තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්ටය. ගඩාෆිගේ දූ දරුවන් අතරින් දේශපාලනයට පිවිස සිටින්නේ ද ඔහුය. ඉකත් වසරේ ලිබියාවේ ගඩාෆිගේ පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් නිර්දය ලෙස ඝාතනය කිරීමට අණ දීමෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණ සෙයිෆ් අල් ඉස්ලාම් චෝදනා එල්ල කර ඇත. ලිබියා කැරැලිකරුවන් අල් ඉස්ලාම් ඉකුත් වසරේ අල්ලා ගත් අවස්ථාවේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණ ලිබියා නව රජයෙන් ඉල්ලා සිටියේ සෙයිෆ් අල් ඉස්ලාම් තමන්ට බාර දෙන ලෙසටය. නමුත් ලිබියා රජය කියා සිටියේ ලිබියාවේ පවතින නීතියට අනුව සෙයිෆ් අල් ඉස්ලාම්ට ලිබියාවේදී දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය. ලිබියා නව රජය තවමත් අල් ඉස්ලාම්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත. බන්ධනාගාරයේදී අල් ඉස්ලාම් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණ චෝදනා කරයි.



අදහස් (0)

ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 433 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 346 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්
2024 ජුනි මස 16 3243 0

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පි


IS සිරකරුවෝ නියාමකවරුන් ප්‍රාණ ඇපයට අරන්
2024 ජුනි මස 16 81 0

දකුණු දිග රුසියාවේ, රොස්ටෝව් බන්ධනාගාරයේ රඳවා සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් රැදෙවියන් පිරිසක්, බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ග


උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා
2024 ජුනි මස 16 1085 0

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
2024 ජුනි මස 16 1702 2

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3020 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2481 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site