IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කළ උදව්ව ආපසු හැරේ

ළිදකට වැටී සිටි වලසෙකු බේරා ගැනීමට ගිය ඉන්දීය වසංරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට එම වලසාගෙන්ම පහර කෑමටත් සිදුවිය.

රැයෙහි ගම්මානයකට පැන ගම්වැසියෙකුටත් පහර දී ඇති මේ වලසා පලා යාමට තැත් කිරීමේදී වගා ළිදකට වැටී ඇත.ගොඩ ඒමට නොහැකිව පෙරළි කරමින් සිටි වලසාට අනුකම්පා කෙරූ ගම්වැසියන් කර ඇත්තේ ඉන්දීය වනසංරක්ෂක නිළධාරීන් දැනුම්වත් කිරීමයි.

දැලක් යොදාගෙන වලසා ළිදෙන් පිටතට ගෙන ඇති වනසංරක්ෂක නිළධාරීන් වලසා දැලෙන් ලිහා නිදහස් කරන්නට සැරසෙනවාත් සමගම එක් නිළධාරියෙකු ළිදට තල්ලූ කරගෙන ඉදිරියට පැන ඇති වලසා අසළ සිටි තවත් නිළධාරියෙකු බිම පෙරළාගෙන සපා කෑමට පටන්ගෙන ඇත.වලසාගෙන් ඔහු මුදවා ගැනීමට හැකිව ඇත්තේ ගම්වැසියනුත් වන සංරක්ෂක නිළධාරීනුත් එකතුවී වලසා බියපත් කර වනයට පලවා හැරීමෙන් පසුවය.

තුවාළ ලැබූ වනසංරක්ෂක නිළධාරීන් දෙදෙනා මේ වන විට සිටින්නේ රෝහල් ගතවය.

වලස් පහරදීම් ගණනාවක් පසුගිය සමයේ ඉන්දියාවෙන් වාර්තා වුනි.මේ පහරදීම් වලට වැඩි වශයෙන්ම මුහුණ දෙන්නේ වන මායිමේ තිබෙන ගම්මාන වල වැසියන්ය.ඔවුන් කියනා ආකාරයට නම් වලසුන් මෙලෙස පෙරළි කරන්නේ වනයේ වැවෙන මල් වර්ගයක් ආහාරයට ගැනීම නිසාය.මේ මල් වර්ගය යොදාගෙන තමන් මධ්‍යසාර නිපදවන බවත් ඒවා කන වලසුන් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් පවසයි.

 



අදහස් (0)

කළ උදව්ව ආපසු හැරේ

සරත් Tuesday, 02 July 2013 01:23 PM

නිර්වින්දනය කරලා විතරක් මදි, මූව සුන්නත්කරලයි යවන්න තිබුනේ! (අ)

:       0       0

සම්පත් Tuesday, 02 July 2013 05:27 PM

ලංකාවේ නම් දැන් බෙහෙතකටවත් වලහෙක් දකින්න නෑ. (ත)

:       0       0

මුර්ශිඩ් Tuesday, 02 July 2013 03:15 PM

කියල වැඩක්නෑ හොදවැඩේ ඉන්දීයා .(අ)

:       0       0

අසින්ත Tuesday, 02 July 2013 03:21 PM

ඉන්දියාවේ ඉන්න සත්තුත් එකයි මිනිස්සුත් එකයි කිසිම කෙලෙහිගුණයක් නැති සත්වයෝ ඉන්න රටක්. (නදී)

:       0       0

ජානා Tuesday, 02 July 2013 12:30 PM

වලහත් ඉන්දියන් . අහන්න දෙයක් නෑ. කලෙහි ගුණ බින්දුවෛ. (අ)

:       0       0

සමන් Tuesday, 02 July 2013 03:54 PM

කාලගුණ දන්නේ නැති සතෙක් (දී)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 12:33 PM

වසලස්සු මූනටමනේ ගහන්නේ ඉතින් මුහුණ බේරගන්නයි වලහට රිටන් එකක් දෙන්නයි දෙකක් කොරන්න බැහැනේ.(නදී)

:       0       0

රමී Tuesday, 02 July 2013 12:46 PM

නිර්වින්දනය කලානම් ඉවරනේ. (ත)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 04:41 PM

අපෝ..ලංකාවේ වලස්සු නම් ඔහොම කරන්නේ නැහැ.. මිතුරන් දෙදෙනෙක් හිටපු වෙලාවේ එක් අයෙකු මැරුණා වගේ බිම දිගා වෙනවා..අනෙක් මිතුරා ගහට නැග ගන්නවා ..වලහා ..බිම දිගා වුන ඇත්තාට රහසක් කියලා යන්න යනවා. ඉන්දියාවේ වලස්සු වගේ සපා කන්නෙම නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site