මිනිසුන් පස්දෙනෙකු අතින් කෙළෙසීමට ලක්වී වුවද සුවපත් වී යළි රැකියාව කරා ගොස් තමන්සේම අතවරයන්ට මුහුණදෙන කාන්තාවන් වෙනුවෙන් හඩ නැඟීමට සූදානමින් සිටිනා මාධ්‍යවේදිනියක ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන ඇය නිරතුරුවම සදහන් කරන්නේ දුෂණය වූවායැයි තමන්ගේ ජීවිතය අවසන්වී නොමැති බවයි.

මේසා සිදුවීමකට මුහුණදී වුවද ඇය යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍යවරු කියති.

මුම්බායි නගරයේ  පවත්වාගෙන ගිය අත්හැර දැමුණු ඇඟළුම් ගොඩනැගිල්ලක් ගැන වාර්තාවක් සකස් කිරීමට ගොස් සිටි අතරවාරයේදී ඇය දුෂණයට ලක්ව ඇත්තීය.ඇය හා ඇයගේ සහයකයා හමුවට පැමිණ ඇති

පස් දෙනෙක් ගොඩනැගිල්ල ඡායා රූපගත කිරීමට අවසරය ලබා දෙන බවට ඔවුන් දෙදෙන මුලා කර ගොඩනැගිල්ල ඇතුළට ගෙනගොස් සහායකයාට පහරදී අඩපණ කර ඔහු ගැටගසා දමා ඇය කෙළෙසා ඇත්තෝය.

මාධ්‍යවේදිනියගෙන් ලත් තොරතුරු ආශ‍්‍රයෙන් දැනටමත් සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබේ.

ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ ඉහළ යාමක් පසුගිය සමය පුරා දක්නට ලැබිණි.මෙනිසාම දුෂකයන්ට එරෙහිව නීති තද කිරීමටත් රජය කටයුතු කර තිබේ.