කොසෝවෝ හිටපු අගමැති රමූෂ් හර්දිනාජ් ප්‍රංශ පොලිසිය විසින් ෆ්‍රෙයිබර්ග් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබීය.
යුද අපරාධ චෝදනා යටතේ සර්බියාවෙන් නිකුත් කළ වරෙන්තුවක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලිසිය කියයි.
ඔහු 90 දශකයේදී කොසෝවෝ ලිබරල් හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර 1998-1999 කාලයේ ‘කොසෝවේ ගැටුමේ‘දී එම හමුදාවේ සේවය කර ඇත. එම ගැටුම් වලදී සර්බියා පිරිස් වලට වධ හිංසා කළැයි සර්බියාව රමූෂ්ට චෝදනා කරයි. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඔහු වර්තමානයේදී එරට විපක්ෂයේ නායකයකු ලෙස කටයුතු කරයි. මීට පෙර අවස්ථා දෙකකදී එක්සත් ජාතින්ගේ සංගමය ඔහුට යුද අපරාධ චෝදනා එල්ල කළ අතර 2015 දී ස්ලෝවේනියා පොලිසිය ඔහුව රඳවාගෙන සිටියේය.
මෙම අත්අඩංගුවට ගැනීම පිළීගත නොහැකි බවත් හිටපු අගමැතිවරයා නිදහස් කරගැනීමට කටයුතු කරන බවත් කොසෝවෝ විදේශ අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොසෝවේ හිටපු අගමැති ප්‍රංශයේදී අත්අඩංගුවට