ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසළක බළධාරීහු මේ දිනවල සිටින්නේ අහස පොළොව ගැටලමින්ය.ඒ මෑතකදී ආනයනය කළ කෙසෙල් තොගයේ තිබෙන්නේ කෙසෙල් නොව කිලෝ ගණනක මත්කුඩු නිසාවෙනි.
බළධාරීන් මේ ‘‘කෙසෙල්‘‘ තොගය ආනයනය කර තිබෙන්නේ ඔවුන්ගේ කොලොම්බියා නියෝජිතයා ඔස්සේ වන අතර එහිදී සිදුවූ අතපසු වීමක් හේතුවෙන් කෙසෙල් වෙනුවට මත්කුඩු මාරු වී ඇතැයි පොලිසිය සැක කරයි.ඔවුන් පවසන ආකාරයට මත්කුඩු තොගයේ අඩංගු වන්නේ කොකේන් නම් මත්කුඩු වර්ගයයි.අනෙක් අතට කොලොම්බියාව මත්කුඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් නිසා වරද ඇත්තේ
ඩෙන්මාර්කයේ නොව කොලොම්බියාවේ බව ඔවුන් පවසයි.
මත්කුඩු තොගය සොයාගෙන තිබෙන්නේ වෙළද සංකීර්ණයේ සේවක පිරිසයි.ඔවුන් අලූතින් ආනයන කරන ලද භාණ්ඩ ගබඩා කරමින් සිටියදී කෙසෙල් යැයි සදහන්ව තිබූ පෙට්ටිවල බර වෙනදාට වඩා වැඩි බව දැනුණු නිසාවෙන් ඊට හේතුව සෙවීමට යාමේදී මත්කුඩු තොගය හමුව තිබේ.
සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්?ම් 100 ඉක්මවන බව සදහන්ය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd