යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ රුසියන් හමුදාවේ පළපුරුදු, දක්ෂ, විනය ගරුක මෙන්ම වෘත්තීයමය සොල්දාදුවන් බවත්, බලහත්කාරයෙන් කිසිම කෙනකු හමුදාවට බඳවා ගෙන යුක්රේනයට යවා නොමැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ.
ඊට අමතරව, යුක්රේන හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ රුසියන් හමුදාවේ ප්‍රධාන පෙළෙ සොල්දාදුවන් පමණක් බවත්, අමතර බලඇණි කිසිවක් එම හමුදා ක්‍රියා මාර්ගයට සම්බන්ධ කර නොගන්නා බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
“රුසියන් සොල්දාදුවන්ට පැහැදිලි අරමුණක් තිබෙනවා. ඔවුන් යුක්රේනයට ගොස් එම අරමුණට අනුව, එය සාර්ථක කර ගැනීමට කටයුතු සිදු කරාවි. ඔවුන් හැමවිටම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරාවි.” යැයි රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කළේ ජගත් කාන්තා දිනය වෙනුවෙන් මොස්කව් අගනුවර පැවැත්වුණු විශේෂ උත්සවයේදීය.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැහැදිලි කළේ රුසියන් හමුදාව බලහත්කාරයෙන් ගැටවර වියේ තරුණයන් හමුදාවට බඳවාගෙන ඔවුන් රටවා යුක්රේනයට එවා ඇතැයි යුක්රේන රජය කරන චෝදනාවලට පිළිතුරු දක්වමිණි.
යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ එවැනි තරුණ රුසියන් සොල්දාදුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පවා යුක්රේන රජය කටයුතු කරන බව ද පැවැසෙයි.
මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත්තේ, තම රට ආක්‍රමණය කිරීමට පැමිණ යුද අපරාධ සිදු කරන කිසිම රුසියන් සොල්දාදුවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඔවුන් ලුහුබැඳ ඝාතනය කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කිසිම සෙබළකු බලෙන් යුක්රේනයට යවලා නෑ